Monday, September 14, 2026
Homeවිදේශීයභූ කම්පනයකින් අමෙරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව සෙලවෙයි (වීඩියෝ)

භූ කම්පනයකින් අමෙරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව සෙලවෙයි (වීඩියෝ)

අමෙරිකාවේ නිව්යෝර්ක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයකට රික්ටර් මාපාංක 4.8ක භූ කම්පනයක් බලපා තිබෙනවා.

මෙම භූ කම්පනය එරට වේලාවෙන් පෙරවරු,10.23ට පමණ ඇතිවූ බවත් ප්‍රධාන භූ කම්පනයෙන් පසුව පසු කම්පන 11 ක් පමණ වාර්තා වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම භූ කම්පනයෙන් ජීවිත හෝ දේපළ හානි කිසිවක් වාර්තා වී නැහැ.

දශක පහකට පසු එම කලාපයෙන් වාර්තා වූ තෙවන විශාලතම භූ කම්පනයක් ලෙස සැලකෙන මෙම භූ කම්පනයේදී ලෝක ප්‍රසිද්ධ අමෙරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව සෙලවන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

READ:   පාකිස්තානයේ එන්නත්කරණ කණ්ඩායමකට අාරක්ෂාව සැපයූ නිලධාරියකු ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්