රට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදල් වංචාවක් කර ඇති බවට චෝදනා එල්ල වී සිටින ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියාට විදෙස් ගමන් තහනමක් පැනවීමට අධිකරණය ඊයේ (03) නියෝග කර තිබෙනවා.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ මෝසමක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය සිදු කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී තිබෙනවා.


