Monday, July 27, 2026
Homeදේශීයරෝහල් කිහිපයක් අද වර්ජනයක

රෝහල් කිහිපයක් අද වර්ජනයක

සිය වැටුප් ගැටලුව මුල් කරනිමින් රෝහල් කිහිපයක අද (01) උදෑසන සිට සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

ඒ අනුව තෝරාගත් රෝහල් කිහිපයක අද උදෑසන 6.30 සිට මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම පැවසුවේ.

අද දිනයේ දී සිය ගැටලු සඳහා බලධාරීන් විසඳුම් ලබා නොදුන හොත් හෙට සිට දීප ව්‍යාප්තව අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවත් ඔහු අවධාරණය කර සිටියා.

මහනුවර, අනුරාධපුර, රත්නපුර, කුරුණෑගල සහ බදුල්ල යන රෝහල්වල අද දින වර්ජනය ක්‍රියාත්මකයි

READ:   සජබ විරෝධතාකරුවන්ට අධිකරණයෙන් තවත් නියෝගයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්