Sunday, September 13, 2026
Homeවිදේශීයඇමසන් වනයෙන් හමුවූ ලොව විශාලතම සර්පයා (green anaconda) මරුට: වෙඩි තබා මරා ඇති...

ඇමසන් වනයෙන් හමුවූ ලොව විශාලතම සර්පයා (green anaconda) මරුට: වෙඩි තබා මරා ඇති බවට සැකයක්

ලොව විශාලතම සර්පයා ලෙස සැලකෙන ඇමසන් වැසි වනාන්තරයෙන් හමු වූ අඩි 26ක දිගින් යුත් සර්පයා මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කිලෝ ග්‍රෑම් 199.58ක් බර ඇති කොළ පැහැති ඇනකොන්ඩා වර්ගයේ මෙම ගැහැනු සර්පයා කිසියම් පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බවට සැක පළ කරනවා.

මෝටර් රථ ටයරයකට සමාන ස්ථූලතාවයකින් යුත් මෙම සර්පයාගේ හිස මිනිස් හිසකට සමානව වැඩී තිබූ බව සඳහන් වෙනවා.

යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුව ඇති ‘ ඇනා ජූලියා’ ලෙස විද්‍යාඥයින් විසින් නම් කර තිබූ මෙම සර්පයාගේ සිරුර පසුගියදා දකුණු බ්‍රසීලයේ බොනිටෝ ප්‍රදේශයේ ගංගාවක පාවෙමින් තිබුණු බව විදෙස් මාධ්‍ය පැවසුවා.

යකඩ ශක්තිමත්, පිහිනිමේ හැකියාව සහිත දුර්ලබ මෙම යෝධ සර්පයගේ මිය යෑම ජෛවවිවිධත්වයට එල්ල කළ මරු පහරක් බව ජෛව විද්‍යාඥයින් සඳහන් කරනවා.

file
file
file
READ:   Sri Lanka Strengthens Tourism Cooperation with Russia at the VI International Tourism Forum “Let’s Travel! 2026”
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්