Wednesday, April 22, 2026
Homeදේශීයයළි වාහන ආනයනය කිරීම ගැන ජනපතිගේ ප්‍රකාශය

යළි වාහන ආනයනය කිරීම ගැන ජනපතිගේ ප්‍රකාශය

යළි වාහන ආනයනය සිදු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දක්වා සිටියා.

ලබන වසරේ සිට ක්‍රමානුකූලව වාහන ආනයනය සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

“යුනයිටඩ් යූත් තරුණ එකමුතුව” “තරුණ අපේ ආනාගතය” නමින් සංවිධානය කළ සුහද හමුවකට එක්වෙමින් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවා.

මෙම වසරේදී පෞද්ගලික වාහන ආනයනය ලිහිල් කිරීමට අවධානය යොමු කරනවාද? යනුවෙන් ඇසූ ප්‍රශ්නයට ජනාධිපතිවරයා ලබා දුන්නේ මෙවන් පිළිතුරක්..

ලබන වසරේ සිට අපි එය ක්‍රමානුකූලව සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. මෝටර් රථ වෙළඳපොලේ පවතින ගැටළු පිළිබඳ මම දැනුවත්. නමුත් තවමත් අපගේ ගෙවුම් ශේෂය යහපත් තත්ත්වයක නැහැ. අපි මෝටර් රථ ආනයනය හැර අනෙක් සියල්ලට ඉඩ දී තිබෙනවා. මොටර් රථ ආනයනයනය සිදු වුවහොත් නැවත රට ආපස්සට ගමන් කිරීමට හැකියාව තිබෙනවා. නමුත් ලබන වසරේ සිට පියවරෙන් පියවර, මුලින්ම අත්‍යවශ්‍ය වාහන වර්ග ආනයනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ වසරේ සංචාරකයින් ප්‍රවාහන සඳහා යොදා ගන්නා බස් රථ ආනයනයට අප අවසර දී තිබෙනවා.

READ:   ආරක්ෂිත සහ සමෘද්ධිමත් ඉන්දියන් සාගරයක් වෙනුවෙන් කැපවෙමු - 7 වැනි ඉන්දීය සාගර සමුළුව අමතමින් ජනපති අවධාරණය කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්