Saturday, September 12, 2026
HomeදේශීයBREAKING NEWS: දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට (වීඩියෝ)

BREAKING NEWS: දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට (වීඩියෝ)

මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කර තිබෙනවා.

ඒ ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවීමත් සමඟයි.

ඒ අනුව මීට සුළු මොහොතකට පෙර තෙන්නකෝන් මහතා අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් ලබා ගත් බව වාර්තා වුණා.

පසුගිය වසරේ නොවැම්බර් 29 වනදා සිට දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ අතර මාස 3ක් වන එම ධූර කාලය ලබන බදාදා (28) රාත්‍රී 12ට නිමාවීමට නියමිතව තිබුණා.

READ:   ගාමිණි ෆොන්සේකාට මිලියන 300ක් වන්දි ගෙවීමේ තීන්දුව බලරහිත කෙරේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්