Tuesday, June 23, 2026
Homeදේශීය9 වන පාර්ලිමේන්තුවේ 2 වන සැසිවාරය අද ඇරඹේ- ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත්...

9 වන පාර්ලිමේන්තුවේ 2 වන සැසිවාරය අද ඇරඹේ- ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි

නව පාර්ලිමේන්තු සැසිය අරඹමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (18) පාර්ලිමේන්තුවට ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

9 වන පාර්ලිමේන්තුවේ 2 වන සැසිවාරය ආරම්භ වන 2022.01.18 අඟහරුවාදා ඉදිරිපත් කෙරෙන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ, සභාව කල් තැබීමේ විවාදයක් 2022.01.19 බදාදා සහ 20 බ්‍රහස්පතින්දා යන දින දෙකේ දී පැවැත්වීමට නියමිත බව, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. එම සභාව කල් තැබීමේ යෝජනාව ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ඇත.

එමෙන්ම 2022.01.20 දින පනත් කෙටුම්පත් 4ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද සභානායකවරයා පැවසීය. එනම්, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතට සිදු කරන සංශෝධනය, පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීමේ පනත් කෙටුම්පත, 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතට සංශෝධන සහ සිවිල් නඩු විධාන සංග්‍රහය සඳහා සංශෝධන, ඒ අතර වන බවද ඔහු සඳහන් කළේය.

අභවප්‍රාප්ත හිටපු අමාත්‍ය සමරවීර මහතා පිළිබඳ ශෝක යෝජනාව, 2022.01.21 වන සිකුරාදා ඉදිරිපත් කිරීමට නියමිතය

READ:   බලධාරීන්ගේ අවදානයට ලක් නොවු වැවක් රුපියල් ලක්ෂ 30 වැයකර හදන අපූරු තරුණයා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්