Saturday, April 18, 2026
Homeදේශීයහරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් අතර හදිසි සාකච්ඡාවක්

හරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් අතර හදිසි සාකච්ඡාවක්

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර හදිසි සාකච්ඡාවක් පැවැත්වුණා.

file

ක්‍රීඩක සංවර්ධනය, කණ්ඩායම් තේරීම සහ ක්‍රිකට් සම්බන්ධ සමස්ත ප්‍රවේශය ඇතුළත් පුළුල් සහ ක්‍රියාකාරී සැලැස්මක අවශ්‍යතාව මෙහිදී අවධාරණය කර තිබෙනවා.

ඉදිරි T 20 ලෝක කුසලානය සහ 2024 වසරේ ඉතිරි තරග සඳහා “නිසි සැලැස්මක්” ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

2024 ජුනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලානය සඳහා උපාය මාර්ග පිළිබඳව සැලැස්ම ද ඊට ඇතුලත්.

මේ අතර 19න් පහළ ක්‍රිකට් පිළිබඳව ද අවධානය යොමුකර ඇති අතර එහි ප්‍රවර්ධනය උදෙසා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

file
file
file
READ:   හිටපු ක්‍රීඩා ඇමතිගේ තීරණය බල රහිත කළ නව ක්‍රීඩා ඇමතිගේ නියෝගය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්