Friday, April 24, 2026
HomeදේශීයBREAKING NEWS: වහාම රාජකාරියට වාර්තා කරන්න දොස්තරලාට දෙන දීමනාව අනෙක් සෞඛ්‍ය සේවකයින්ට දෙන්න බැහැ -...

BREAKING NEWS: වහාම රාජකාරියට වාර්තා කරන්න දොස්තරලාට දෙන දීමනාව අනෙක් සෞඛ්‍ය සේවකයින්ට දෙන්න බැහැ – සෞඛ්‍ය ඇමති

ජනතාවට සිදුවන අපහසුතාවය සලකා සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අතහැර යළි රාජකාරියට පැමිණෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වර්ජනයේ නිරත සෞඛ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිති සමග පැවැති සාකච්ඡාව අතරතුර යම්කිසි පරාසයකින් මෙම ගැටලුව විසඳීමට මුදල් අමාත්‍යාංශය නම්‍යශීලි වී ඇති බවත් එහෙත් වෘත්තීය සමිති ඊට එකඟ වී නොමැති බවත් අමාත්‍යවරයා පවසනවා.

මෙම වර්ජනයට හේතුව වෛද්‍යවරුන්ට සහ ආචාර්යවරුන්ට දීමනාවක් ලබා දීම බව ඔහු සඳහන් කළා.

සෞඛ්‍ය අංශවල කටයුතු සඳහා ආරක්ෂක අංශවල සහය ලැබුනද එය ප්‍රමාණවත් නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

රොගී ජනතාව වෙනුවෙන් සියලුදෙනා වයකිවයුතු බවත් මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු අවධාරණය කර සිටියා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   සෞඛ්‍ය වර්ජනය අවසන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්