Friday, May 1, 2026
Homeදේශීයවෘත්තිය සමිති 72ක් යළි සෞඛ්‍ය වර්ජනයේ: රෝගීන් දැඩි අපහසුතාවයට

වෘත්තිය සමිති 72ක් යළි සෞඛ්‍ය වර්ජනයේ: රෝගීන් දැඩි අපහසුතාවයට

වෘත්තිය සමිති 72 ක සෞඛ්‍ය සේවකයින් අද (13) උදෑසන 6.30 සිට යළි අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වෙනවා.

ඒ ඔවුන්ගේ ගැටලු පිළිබඳ මෙතෙක් පැවති සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන්.

වෛද්‍යවරුන්ට පමණක් ලබා දී ඇති රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් පසුගිය දින කිහිපයක් ද මෙම විරෝධතාවය පැවැත්වූවා.

ඖෂධවේදීන්, ඖෂධ සංයෝජකයින්, රසායනාගාර විද්‍යාඥයින්, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්,කීට විද්‍යා නිලධාරීන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ඇතුළු වෘත්තීය සමිති 72ක් මෙම වැඩවර්ජනයට එක්ව සිටිනවා.

මෙම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයිනේ රෝහල් රැසක ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් මේවන විටත් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

READ:   Online පනතේ සංශෝධන කිහිපයක්?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්