Friday, April 24, 2026
Homeදේශීයරජකාලේ පාරක් අම්පාරෙන් මතු වෙයි

රජකාලේ පාරක් අම්පාරෙන් මතු වෙයි

අම්පාර ඉකුත් දා ඇද හැලුනු ධාරානිපාත වර්ෂාව සමග දීඝවාපි ඔලුවිල් මාර්ගයේ කඩාගෙන ගිය ස්ථානයකින් ඓතිහාසික ගල් අතුරන ස්ථානයක් හමුවි තිබේ.

දැනට වසර ගනනාවක සිට මෙම ස්ථානයෙන් ඔලුවිල් ඇතුලු ප්‍රදේශයට යෑමට දිඝාවාපි වැසියන් මෙන්ම ඔලුවිල් ප්‍රදේශයේ වැසියන්ද භාවිත කර තිබේ.

file

පසුගිය දා ඇතිවු දැවන්ත වර්ෂාව සමග ගල්ඔය ගග පිටාර ගැලිමත් සමගම මෙම ස්ථානයේ මුලිමනින්ම කඩා ගෙන ගිය අතර ඉන් පසුව මෙම ඓතිහාසික ගල් හමුවි තිබෙන බව මාණිකක්මඩු විහාරාධිපති ය අඹගස්පිටියේ සීලරතන හිමියන් පැවසිය.

අඹගස්පටියේ සීලරතන හිමියන් මාධ්‍යවේදින් සමග ගොස් මෙම ස්ථානය පරීක්ෂා කරනු ලැබිය. එහිදි ඉතා ක්‍රමවත්ව සකස් කරන ලද පිළිවෙළකට අතුරන ලද පුරාණ ගල් මෙම ස්ථානයේදි දැකගැනිමට හැකිවිය.

www.lankadeepa.lk

මෙම ස්ථානයේ සිට ඓතිහාසික දී ඝවාපි රජමහා විහාරයට කිලෝමිටරයක් පමන දුරක් ඇති අතර මිට වසර 15 කට පමන පෙර දිඝවාපියේ ඩෝසර කරන ලද දාගැබට ඇත්තේ මිටර් 500 ක් පමන දුරකි.

මේ සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ අනුශාන් මුණසිංහ මහතාගෙන් අප කළ විමසීමකදී මෙසේ පැවැසීය.

එම ගල්වල යම් ඓතිහාසික බවක් පෙන්නුම් කරනවා. ඒ පිළිබඳව වාර්තාවක් අප දැනට යවා තිබෙනවා. ස්ථානීය පරීක්ෂණයක් කළ නිගමනයට එන බව ද ඔහු කිවේය.

: වසන්ත චන්ද්‍රපාල

READ:   සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දමයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්