Tuesday, July 21, 2026
Homeදේශීයපොදු ප්‍රවාහනයේ ලිංගික හිංසන කළ 18ක් අත්අඩංගුවට - පොලිසියේ නවතම මෙහෙයුම

පොදු ප්‍රවාහනයේ ලිංගික හිංසන කළ 18ක් අත්අඩංගුවට – පොලිසියේ නවතම මෙහෙයුම

පොදු ප්‍රවාහන සේවා තුළදී කාන්තාවන්ට හා ළමුන්ට සිදුවන විවිධ ලිංගික හිංසනයන් සිදුකරන පුද්ගලයින් නීතියේ රැහැනට කොටු කර ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ඊයේ (07) සිට ආරම්භ කළා.

ඒ අනුව ඊයේ දිනයේ දී සිදුකළ මෙහෙයුම් වලදී පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවා.

මෙම මෙහෙයුම් සඳහා සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් කණ්ඩායම් රැසක් යොදවා ඇති අතර ආරක්ෂිත කැමරාවල සටහන් තොරතුරු අනුව ද විමර්ශනයන් සිදුකරනවා.

READ:   නව ගුවන් හමුදාපති ධුරයේ වැඩ අරඹයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්