Monday, April 20, 2026
Homeදේශීයඋද්ඝෝෂණයෙන් මාස දෙකකට පසු කට උත්තර ගැනීමට NPP නායිකාවන් පිරිසකට වැලිකඩ පොලිසියෙන්...

උද්ඝෝෂණයෙන් මාස දෙකකට පසු කට උත්තර ගැනීමට NPP නායිකාවන් පිරිසකට වැලිකඩ පොලිසියෙන් කැඳවීමක්.

අද (05) සවස 3.00ට පොලිසිය හමුවේ කට උත්තරයක් ලබාදෙන ලෙස හිටපු නාගරික මන්ත්‍රී සමන්මලී ගුණසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, නීතිඥ ධනුෂ්කී ලියනපටබැඳි යන අයට වැලිකඩ පොලිසිය විසින් දන්වා තිබෙනවා.

ඒ ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් පාර්ලිමේන්තු වටරවුම අසලදී පැවැත්වූ උද්ඝෝෂණය සම්බන්ධයෙන්.

පසුගිය දෙසැම්බර් 04 දින විවාදයට ගැනුන 2024 අයවැය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ වැය ශීර්ෂයට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව පවත්වා තිබුණා.

READ:   කොවිඩ් මරණ භූමදානය ඉරණතිව්හිදී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්