Friday, April 24, 2026
Homeදේශීයචීනය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් සති හතරක් සඳහා අත්හිටුවයි

චීනය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් සති හතරක් සඳහා අත්හිටුවයි

එතිහාඩ් එයාර්වේස් හි අබුඩාබි-ෂැංහයි ගුවන් යානය, චයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස් හි මැනිලා-ෂැංහයි ගුවන් යානය සහ ශ්‍රී ලාංකික ගුවන් සමාගමේ කොළඹ-ෂැංහයි ගුවන් යානය අත්හිටුවන බව චීනයේ සිවිල් ගුවන් පරිපාලන ඒ්කකය නිවේදනය කර තිබෙනවා.

එතිහාඩ් එයාර්වේස් සහ චයිනා ඊස්ටර්න් එයාර්ලයින් ගුවන් ගමන් අත්හිටුවීම අගෝස්තු 17 වනදා සිට සතියක කාලයක් පවතින අතර ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් සති හතරක් සඳහා අත්හිටුවනු ඇති.

චීනයේ සිවිල් ගුවන් පරිපාලන ඒ්කකය සදහන් කලේ COVID-19 පැතිරීම තවදුරටත් පාලනය කිරීම සඳහා මෙම හදිසි තීරණය ගෙන ඇති බවයි.

මෑතදී සිදු වූ ගුවන් ගමන් වලදී COVID-19 වැලදුනු මගීන් කිහිප දෙනෙකු හමුවීමත් සමග මෙම තිරීණය ගෙන ඇති බවටයි තොරතුරු අනාවරණය වන්නේ .

චීන සිවිල් ගුවන් පරිපාලන ඒ්කකයේ ප්‍රතිපත්තියට අනුව, ගුවන් යානයක සිටින සියලුම මගීන් නව කිරීටක වයිරස සඳහා සති තුනක් අඛණ්ඩව පරීක්ෂා කර ඇතිනම් මෙම ගුවන් සමාගම් සදහා සතියකට ගුවන් ගමන් වාර දෙකක් ලබා දීමට පියවර ගන්නා බවටද තොරතුරු වාර්තා වනවා.

READ:   ජනපති රාමසාන් දිනයට සුබ පැතුම් එක් කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්