ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ මෑතකදී කරන ලද පරීක්‍ෂණයක ප්‍රතිඵල වශයෙන් එක්සත් ජනපද මිසයිල ආරක්ෂක සංවිධානයේ සහයෝගයෙන් මෙම ඇන්ටි බැලැස්ටික් මිසයිලය නිෂ්පාදනය කර ඇති බවයි.

ඉරානයේ න්‍යෂ්ටික හා බැලස්ටික් මිසයිල වැඩසටහනෙන් ඊශ්‍රායලට තිබෙන තර්ජනය හමුවේ මිලිටරි ගොඩනැගීමක් අවශ්‍ය බව ඊශ්‍රායලය දිගු කලක් තිස්සේ පවසමින් තිබුනා.
මෙම ඇරෝ 2 පරීක්ෂණය ඊස්රායල් මිසයිල ආරක්ෂක සංවිධානය පසුගිය වසරේ ඇලස්කාවේදී සිදුකරන ලද සාර්ථක පරීක්ෂණ මාලාවක ප්‍රතිඵලයක් වනවා.
ඊශ්‍රායලය වැඩිදුරටත් සදහන් කලේ මෙම ඇන්ටි බැලැස්ටික් මිසයිලය තනිකරම සිවිල් වැසියන් වෙනුවෙන් වන අතර මෙම බැලිස්ටික් මිසයිල විදේශීය ආක්‍රමණ වැළැක්වීමටද උපකාරී වන බවයි.
වර්තමානයේ හා මතුවෙමින් පවතින තර්ජනයන්ට එරෙහිව ජාතික මිසයිල ආරක්ෂණ හැකියාව ඉහළ නංවන බැවින් ඊශ්‍රායල් රජයට සහාය වීමට අමෙරිකාව කැප වී සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සාර්ථක පරීක්ෂණය පිළිබඳව තක්සේරු කරන ලද ආරක්ෂක අමාත්‍ය බෙනී ගැන්ට්ස් පැවසුවේ “ඊශ්‍රායලය අභියෝගයන්ට මුහුණ දී සිටින අතර ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන අධ්‍යක්ෂ මණ්ඩලය, ඊශ්‍රායල් අභ්‍යවකාශ කර්මාන්ත සහ වෙනත් ආරක්ෂක සමාගම් විසින් මෙහෙයවනු ලබන අපගේ තාක්ෂණය කමාන්ඩෝ භටයින් සහතික කරන බවයි.අපි සැමවිටම අපගේ සතුරන්ට වඩා අඩියක් ඉදිරියෙන් සිටින අතර ඕනෑම තර්ජනයකින් ඊශ්‍රායලයේ අහස ආරක්ෂා කරමු.එම එක්සත් ජනපදය සමඟ ඒකාබද්ධ පරීක්ෂණය යනු රටවල් අතර ඇති මිත්‍රත්වය හා හවුල්කාරිත්වයේ ප්‍රකාශනයක්.ඒ් ඊශ්‍රායලයේ පුරවැසියන්ගේ ආරක්ෂාව සඳහා එක්සත් ජනපදය දක්වන ගැඹුරු කැපවීමයි. අපගේ ආරක්ෂක හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා අපි එකට වැඩ කරන්නෙමු”
උපුටා ගැනීම russian today



