හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතයි.
ඒ අධිකරණය ලබා දුන් නියෝගයකට අනුවයි.
ව්‍යාජ හියුමන් ඉමියොනොග්ලොබියුලීන් එන්නත් ගනුදෙනුව සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කෙරෙනවා.
ඒ සඳහා අද පෙරවරු 09.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළ අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා.


