රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මියයෑම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ලෙස මත පළ කරන පුද්ගලයින් ගැන සොයාබැලීමක් සිදුකළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
සිදුකළ සොයා බැලීමට අනුව එක්තරා පක්ෂයකට සම්බන්ධ පිරිසක් එම කමෙන්ට් පළ කර ඇති ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
සනත් නිශාන්ත මහතාගේ මරණය සම්බන්ධයෙන් ඉතාමත් අසීලාචාර ලෙස සමාජ මාධ්‍ය ජාලා තුළ සමහර පළ කිරීම් සිදුකර ඇති බවත් දැන් සමාජ මාධ්‍ය තුළ සිදුවන එවැනි දේ පහසුවෙන් සොයා ගැනීමට හැකි බවත් ඒ ගැන සතුටු වන බවත් අමාත්‍යවරයා වැඩිදුර සඳහන් කළා.
මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා..
“ඒක පක්ෂයකට සම්බන්ධ කට්ටිය තමයි මෙහෙම දේවල් දාලා තියෙන්නේ. නැත්නම් දෙයියනේ මනුස්සයෙක් මැරුණාම මෙහෙම දේවල් කියන්න බැහැ. අපි සොයාබැලීමක් කළා.. ලැබුණු වාර්තා අනුව එක පක්ෂයකට සම්බන්ධ වෙච්ච කට්ටිය සහ ෆේක් එකවුන්ට්ස්. අපි සතුටු වෙනවා.. දැන් ඒවා හොයාගන්නත් පුළුවන් වෙයි. ඉස්සර නම් හොයා ගන්නත් අමාරුයි නේ.”


