Saturday, June 6, 2026
Homeක්‍රීඩාසුපිරි ඕවර දෙකක් දක්වා ඉන්දියාව අරන් ගිය ඇෆ්ගනිස්ථාන ප්‍රහාරය

සුපිරි ඕවර දෙකක් දක්වා ඉන්දියාව අරන් ගිය ඇෆ්ගනිස්ථාන ප්‍රහාරය

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ඉන්දියාව අතර ඉන්දියාවේ දී පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ තෙවන තරගය ඊයේ පැවැත්වුණා.

මෙම තරගයේ දී ජය පරාජය තීරණය කිරීම සඳහා සුපිරි ඕවර දෙකක් ක්‍රියාත්මක කිරීමට සිදුවීම කැපී පෙණුනා.

ඒ දෙපිලෙහි ලකුණු සමවීම හේතුවෙන්.

කෙස් වෙතත් තරගයේ දෙවන සුපිරි ඕවරයෙන් තරගයේ ජය තමන් සතු කර ගැනීමට ඉන්දියාව සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 212ක් රැස් කළා.

එහිදී Rohit Sharma පන්දු 69 කින් නොදැවී ලකුණු 121 ක් ,Rinku Singh පන්දු 39 කින් නොදැවී ලකුණු 69 ක් වශයෙන් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ද කඩුලු 6ක් දැවී ලකුණු 212ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ G Naib සහ Rahmanullah Gurbaz ඇතුළු ඇෆ්ගනිස්ථාන පිතිකරුවන් ගේ සටන්කාමී ඉනිම් හමුවේ.

G Naib නොදැවී ලකුණු 55 (23) යි. Gurbaz ලකුණු 50 (32) යි.

Ibrahim Zadran ලකුණු 50(41) ක් රැස් කළා.

සිය පළමු සුපිරි පන්දුවාරය සඳහා පිටියට පිවිසි Mohammed Nabi සහ Rahmanullah Gurbaz එක්ව ලකුණු 16ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී ඉන්දීය කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 16ක් රැස් කරගත්තා.

ඒ අනුව ලකුණු සමවීම නිසා යළිත් සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට සිදු වූ අතර එහිදී ඉන්දියාව ලකුණු 11 ක් රැස් කළ අතර ඇෆ්ගනිස්ථාන රැස් කළේ 1 ලකුණක් පමණයි.

ඒ අනුව තියණු තරගයකින් අනතුරුව තරගය ලකුණු 10 කින් ඉන්දියාව ජය ගත්තා.

READ:   LPL ක්‍රිකට් වසන්තය අදින් ආරම්භ වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්