Tuesday, April 21, 2026
Homeක්‍රීඩාදෙවැනි විස්සයි විස්ස තරගයෙන් සම්බාබ්වේට පහසු ජයක්

දෙවැනි විස්සයි විස්ස තරගයෙන් සම්බාබ්වේට පහසු ජයක්

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන විස්සයි විස්ස තරගය කඩුලු 04කින් ජය ගැනීමට සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අද (16) සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 176ක් රැස් කළා.

මුල් පෙළ කඩුලු 04ක් පළමු පන්දුවාර 10 තුළ දැවි ගොස් බිද වැටි තිබු ශ්‍රී ලංකා ඉනිම, යම් මට්ටමකට ශක්තිමත් කිරීමට චරිත් අසලංක සහ ඇන්ජිලෝ මැතිව්ස් ට හැකි වුණා.

චරිත් අසලංක ලකුණු 69 (39) සහ ඇන්ජිලෝ මැතිව්ස් නොදැවී ලකුණු 66 (51) වශයෙන් රැස් කළා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් හබා යැමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 6ක් දැවී තවත් පන්දුවක් ඉතිරිව තිබියදී ලකුණු 178ක් ලබා තරගය ජය ගත්තා.

සිම්බාබ්වේ වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Craig Ervine ලකුණු 70ක් පන්දු 54කින් රැස් කළා.

Luke Jongwe නොදැවී ලකුණු 25 (12) යි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම හමුවේ තරගයේ ජය තමන් කරා ඇද ගැනීමට සිම්බාබ්වේ පිතිකරුවන් සමත් වුණා.

READ:   බංගලියන්ට කඩුලු 06කින් පරාද වුණේ පින්න නිසා?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්