Friday, June 19, 2026
Homeදේශීයබ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය දිවයිනට

බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය දිවයිනට

ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය දිවයිනට පැමිණ ඇති බව වාර්තා වෙනවා.

ඇය ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් එරට වේලාවෙන් රාත්‍රී 07.30ට පමණ එරටින් පිටත්ව තිබුණා.

ඈන් කුමරිය මෙරටට පැමිණෙන්නේ ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර සබඳතාවලට වසර 75ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයන් සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා රජය විසින් කළ ආරාධනයකට අනුවයි.

03 වන චාල්ස් රජුගේ එකම සොහොයුරිය වන ඈන් කුමරිය සමග ඇගේ සැමියා වන ශ්‍රීමත් ටිම් ලෝරන්ස් මහතාද මෙම සංචාරයට එක්ව සිටිනවා.

ඔවුන් ලබන 13 වනදා දක්වා මෙරට සංචාරයේ යෙදීමට නියමිතයි.

READ:   රුසියාවේ මොස්කව් නුවරට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙද්දී රුසියාව යුක්රේනයේ ජීවිත රැසක් බිලිගනී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්