ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ දර්ශන අභයරත්න මහතා විසින් ජාතික ප්‍රවාහන ආයතනයේ නුගේගොඩ ශාඛාවේ නිලධාරියෙකුට පහර දී තිබෙනවා.
මෙම පහර කැමට ලක්ව ඇත්තේ එම ශාඛාවේ කාර්යාල කාර්ය සහයක නිලධාරියෙකුයි.
පහර කෑමට ලක්වූ සේවකයා බුදුරලිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
මතුගම ප්‍රදේශයේ දී පැවති ජාතික ප්‍රවාහන ආයතනයේ සමස්ත කාර්ය මණ්ඩල සුහද හමුවක් අතරතුර මෙම පහර දීම සිදුව තිබෙනවා.
මෙලෙස පහරදී ඇත්තේ කාර්යාල කාර්ය සහායක නිලධාරියෙකු ට වන අතර ඔහු බදුරලිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.
පහරදීම සම්බන්ධයෙන් බදුරලිය පොලිසිය විමර්ශන සිදු කරනවා.



