ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දිල්ශාන් මධුසංක ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබෙනවා.
ඒ ඉන්දියානු රුපියල් කෝටි.4.60කටයි. එය ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් 554,000ක්.
මේ අතර ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 1.5කට මිලදී ගෙන තිබුණා.
ඒ අද පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් 2024 ක්‍රීඩක වෙන්දේසියේ දී.