Sunday, June 14, 2026
HomeදේශීයBREAKING NEWS: හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්ත රිමාන්ඩ්

BREAKING NEWS: හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්ත රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැණුන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා එළඹෙන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.

ප්‍රමිතියෙන් තොර ඉමියුනෝ ග්ලොබියුලීන් ඖෂධය මිලදී ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කළ විමර්ශනයකට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා අද පෙරවරුවේ අත්අඩංගුවට ගැණුනා.

ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටි අවස්ථාවේදී.

READ:   පොහොට්ටුවේ තවත් මන්ත්‍රී කෙනෙක් සජබෙට එක්වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්