Saturday, April 18, 2026
Homeදේශීයවිදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන්ගේ ඉල්ලිමකට එවලේම ප්‍රතිචාර දක්වමින් නුවරඑළියට දෙමළ බසින් වැඩ කරන...

විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන්ගේ ඉල්ලිමකට එවලේම ප්‍රතිචාර දක්වමින් නුවරඑළියට දෙමළ බසින් වැඩ කරන විදේශ සේවා නියුක්ති කාර්යාලයක් – ඇමති මනුෂ

නීතියට පටහැනිව කටයුතු කළ විදේශ රැකියා නියෝජිත ආයතන 400ක බලපත්‍ර අත්හිටුවයි

ජපන් යන්න සල්ලි දෙන්න එපා.

සල්ලි දීලා ඊශ්‍රායලයට ගිය අය ආපසු ගෙන්වා ගන්නවා.

විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන් කළ ඉල්ලිමකට එවලේම ප්‍රතිචාර දක්වමින් ලබන වසරේ මුල් දින හත තුලදී නුවරඑළය තුල දමිළ බසින් සේවා සැපයීමට හැකි කාර්යමණ්ඩලයක් සමඟින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් ආරම්භ කිරිමට පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

මෙරට සෑම පුරවැසියෙකුටම තම මව් බසින් කඩිනම් සහ මිත්‍රශීලි සේවාවක් ලබා දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කැපවී කටයුතු කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද දින ජාත්‍යන්තර සංක්‍රමණික දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති සැමරුමට එක් වූ අවස්ථාවේදීය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.
විදේශ රැකියා සඳහා නුවර එළිය දිස්ත්‍රික්කයෙන් විශාල පිරිසක් විදේශගත වෙනවා. ඒ අයට තමන්ගේ ප්‍රශ්නයක් විසඳ ගන්න කොළඹට හෝ, නුවරට හෝ බදුල්ලට එන්න සිදුවෙනවා. එහෙම දුරක් ගෙවාගෙන ආවත් අපේ භාෂ දැනුම නොමැති නිසා කාර්යාල වල ඉන්න නිලධාරීන්ට මේ පිරිස සමඟ සන්නිවේදනය කරගන්න විදිහක් නැහැ.
අද උදෑසන මම සහභාගී වුන වැඩසටහනදී ඊට පැමිණ සිටි දරුවන් මේ කාරණය ඉතාම වේදනාවෙන් කිව්වා. ඔවුන් ඇත්තටම වේදිකාව උඩ උද්ඝෝෂණයක් කළා. එහි තිබුන බෝඩ් අතර බෝඩ් එක්ක තිබ්බා නුවර එළියට විදේශ සේවා නියුක්ති කාර්යාශංයේ කාර්යාලයක් ලබා දෙන්න කියලත්.
මම ඒ දරුවන්ට පොරොන්දු වුනා, ලබන වසරේ ජනවාරි මාසයේ දින හතක් යන්න කලින් දෙමළ භාෂාව කතා කරන නිලධාරීන්ගෙන් සමන්විතව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් නුවර එළියට ලබාදෙනව කියලා.
සමහරු දැන් කියයි. රාජ්‍ය සේවයේ මෙහෙම කරන්න පුළුවන්ද? මේක මනූෂගේ කයියක්ද කියලත්. හැබැයි අපි හැමදාමත් කියපු දේවල් කරලා පෙන්වලා තියෙනවා. ඒ වගේ මේකත් අපි කරනවා. අපිට ඒ දෙවල් කරන්න හැකියාව ලැබුනේ මේ දක්ෂ කාර්ය මණ්ඩලය නිසයි.
අපේ කාර්යමණ්ඩල මේ වගේ ටාගට් එකක් දුන්නාම ඒ අය ඉතාම දක්ෂ විදිහට ඒවා ඉටු කරනවා.
හෙට අනිද්දා වෙනකොට මම මේ අමත්‍යංශය භාරගෙන මාස 19ක් වෙනවා. මේ කාලය අතරතුරදී අපිට විදේශ ශ්‍රමිකයින් හරහා ඇමරිකානු ඩොලර් බිලියන 8.1 ක මුදල් මෙරටට ගෙන්වා ගන්න හැකියාව ලැබුනා.

READ:   සෙන්කෝලේ ‌ගේනකොටත් ඩලසුයි විමලෙයි රහස් කතා

තෙල් ගහගන්න බැරුව, විදුලිය නැතිව, පාඩම් කරගන්න බැරිවුන දරුවන් අද නැහැ. අද වෙනකොට මේ රටේ බෙහෙත් තියෙනවා. කිරිපිටි තියෙනවා. මේ හැමදේම ගෙනල්ලා දුන්නේ අපේ විගමණික ශ්‍රමිකයින්.

ඔවුන් තමයි මේ රටේ ජීවනාලිය. ඒත් මේ ජීවනාලිය මතක් වෙන්නේ හුස්ම ගන්න අමාරු වුනාම විතරයි. 2018 විතර වෙනකම් විදේශ ගත ශ්‍රමිකයින් ගැනවත් ඔවුන් එවපු සල්ලි ගැනවත් ලොකු අවධානයක් යොමු කලේ නැහැ
කොරෝනා වසංගතයක් එක්ක විදේශගත ශ්‍රමකියන්ට මුදල් එවන්න බැරිවුනා. ඒ කාලයේදී විදේශගත ශ්‍රමිකයින්ට ගුවන් යානයක් වෙන් කරගන්න තැන ඉදන් ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිදුවුනා. ඔවුන්ව නිරෝදායන මධ්‍යස්ථාන වලට යොමුකරනකොට හොටල්කරුවන් යම් උදවියත් එක්ක එකතු වෙලා ගසා කෑවා.
විදේශගත ශ්‍රමිකයින්වට මිනිස් බෝම්බ කියලා හැදින්වුවා. මේ වගේ තත්ත්වයක ඉදන් තමයි අපිට හෝප් ගේට් ඇති කරලා ගරුත්වයක් දෙන්න කටයුතු කළේ. විදේශ ගත ශ්‍රමියින්ව රතු පලස් මතින් පිගැනීම කළයුත්තේ. අපි ජීවත් වෙන්නේ විදේශගත ශ්‍රමිකියින් සල්ලි එවපු නිසයි.
ඒත් රේගුවට බහාලුම අවාම ඒකේ තියෙන දේවල් කඩලා අරගන්නවා නැත්තම් ඒවාට වෙනම දඩ ගහනවා.

ඒත් මේ රටට එන නිති විරෝදී දෙවල් එක පාරම ගුවනින් වැටෙන්නේ නැහැනේ. ඒවත් එන්නේ රේගුව හරහා තමයි. මේ රටට ගෙන්වන්න බැහැ කියන දේවල් එන්නේ අදුර්ෂමාන බලවේගයකින් නෙමෙයිනේ. ඒවත් එන්නේ රේගුව හරහායි.
ලංකාවට ඕනෑ තරම් නීති විරෝදී මත්ද්‍රව්‍ය, මත් පැන් එනවා. ඒත් කොරියාවේ ඉදලා එන අපේ කොල්ලෝ ගේන සෝජු බෝතලයට තමයි දඩ ගහන්නේ. ඒ විදිහට තමයි විගමනික ශ්‍රමිකයාට සලකන්නේ.
අපි රටේ ජනතාව වෙනුවනේ ඩොලර් මිලියන 500ක් එවන්න කියන ඇඩ් එක හදනකොටත් අපි පරිස්සම් වුනා.ඒ ඇඩ් එක හදන්න අපි ආණ්ඩුවේ සල්ලි ගත්තේ නැහැ. ඒවා හැදුවේ විදේශ රැකියා ඒජනත්වරුන් සහ මගේ යාලුවන් එකතු වෙලයි.
නැත්තම් අහනවා පැයක වැඩසටහනක් හදන්නත් යන්නෙ ලක්ෂයි ඒ නිසා තප්පර ගානේ එකකට මිලියන ගානක් යන්නේ කොහොමද කියල. මොකද විගණනයේ අය වැඩ කරන්නේ එහෙමයි.
එයලාට මේකෙන් දෙන පණිවුඩය වැඩක් නැහැ. මේකේ සාර්ථක භාවය එයාලට වැඩක් නැහැ. වීඩියෝවකට වැය වෙන ගාණ බලන්න පැයක ගාන තප්පර ගානෙන් බෙදලයි. ඒ හින්දාමයි අපි රජයේ මුදල් වැයකරන්නේ නැතිව මේක කළේ.

READ:   2015දී ජාතික ගීය දෙමළෙන් ගයන තීරණය ගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයායි - අමාත්‍ය මනූෂ නානායක්කාර

අපේ ශ්‍රමිකයින් අපි ඉල්ලපු මුදල එව්වා. දැන් ඉතින් වැඩ වුන නිසා විදේශගත ශ්‍රමකියන් වෙසක් කාලය ඉවර වුනාම කොඩිය ඔතලා පැත්තකට දානවා වගේ පැත්තකට කරන්න කටයුතු කරනවා.
පාර්ලිමේන්තුවේ කමිටු වලට ඇවිල්ලාම කියනවා ඩොලර් ප්‍රශ්නයක් නැති නිසා විදේශගත ශ්‍රමිකයින්ට විශේෂ වරප්‍රසාද දෙන්න ඕනේ නැහැ කියලා. මේක මොනතරම් කුහක කතාවක්ද ? මේක තමයි ශ්‍රී ලාංකික ජාතියට වැරදුන තැන.
අපි විදේශගත ශ්‍රමිකයින්ට පහසුකම් දෙන්නේ බාධක රැසකට මුහුණ දෙමිනුයි. ඒත් ගොඩක් අය ඒවා දන්නේ නැහැ. ඒ නිසා ෆේස් බුක් එකේ නිවන් සුව, උඔලා ඔය නටන අන්තිම ටික කියලා කියනවා. ඒත් අනිතිම ටික වුනත් කමක් නෑ කරන්න ඕනේ ටික අපි කරනවා.

අපි මේ අවසන් කරමින් ඉන්නේ රටේ ජනතාව ප්‍රශ්න වලට මුහුණ දෙන අවසන් අවස්ථාවයි. තව මාස කීපයකින් හොඳ ක්‍රමවේදයක් තියෙන රටක් බවට මේ රට පත්වෙනවා.

අපි විදේශගත ශ්‍රමිකයින් මෙරටට එවන මුදල් ප්‍රමාණය අනුව විදුලි වාහන ගෙන එන්න අවසර දුන්නා. එහිදී රටට ආපු සල්ලි ගාණට වඩා එක ආයතනයක් ගෙනාපු වාහන ගැන තමයි කතා කළේ. අපේ රාජ්‍ය ආයතන වලට තියෙන ප්‍රශ්ණ ඒවා. නැතිව රටට කොච්චර විදේශ විනිමයක් ගෙනාවද කියන එක නෙමෙයි ප්‍රශ්නය.ඒ නිසා අපි බොහොම අමාරුවෙන් තමයි කටයුතු කරන්නේ.

විදේශගත ශ්‍රමිකයින්ට තමන් එවපු මුදල් ප්‍රමාණයට තීරු බදු සහනයක් දෙන්න කැබිනට් එකත් ජනාධිපතිතුමාත් අවසර දීලා ගැසට් එකකුත් ගැහුවා. ඒත් රේගුවට තවම ඒ සහනය දෙන්න බැරිවෙලා තියෙනවා.
අපි වැඩ කරලා තියෙනවා. ඒත් කරගන්න බැරිවෙන තැන් තියෙනවා. ඒවා ගැනත් මම ප්‍රසිද්දියේම කියනවා. මේ වැඩ පිළිවෙල කරන්න ඉඩ දෙන්නේ නැති අයව අපි නම් කරනවා වගේම ප්‍රසිද්දියේම ලැජ්ජා කරනවා.

විදේශ රැකියා ක්ෂේත්‍රය නියාමන කරන්න අපි කටයුතු කළා. ඒ නිසාම අපි ගිය අවුරුද්දට විතරක් බලපත්‍ර 400ක් අත් හිටවේවා. ඒ වගේම 200කට වැඩි ප්‍රමාණයක් පූර්ණ කාලිනව තහනම් කරලා තියෙනවා.
අපේ විමර්ශන අංශයෙන් දවසකට තැන් තුන හතරක්වත් වැටලීම් වලට ලක්කරලා අධිකරණ ක්‍රියමාර්ග ගන්න කටයුතු කරනවා. ඒත් මේ ගැන මාධ්‍ය මගින් නිසි ප්‍රතිචාරයක් දෙන්නේ නෑ.

READ:   මහජන සේවය වෙනුවෙන් අධිකරණ අමාත්‍යංශයෙන් විශේෂිත ජංගම සේවාවක්

ඒ වගේම නියෝජිත ආයතන වල ගුණාත්මක තත්ත්වය වර්ධනය කරන්න කටයුතු කරනවා. එහිදී අධ්‍යාපන කටයුතු වගේම බලපත්‍ර ගාස්තුත් වැඩි කරන්න කටයුතු කරලා තියෙනවා.
මම දැක්කා ජපන් යන්න ලක්ෂ විසි පහක් යනවා කියලා සමාජ මාධ්‍ය වල පලවෙලා තියෙනවා. ඒත් එහෙම මුදල් ගන්වා නම් අනිවාර්යෙන්ම එහෙම යන්නේ හොරටයි. ජපානයට යවන්න සල්ලි ගන්න ඕනේ නැහැ. ඊශ්‍රායලයට යන්නත් අරයට මෙයාට සල්ලි දෙන්න ඕනේ කියලා කියනවා.

කවුරුහරි සල්ලි දීලා තියෙනවා නම් කරුණාකරලා කියන්න. ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබ කාටවත් සල්ලි දීලා රටවල් වලට යන්න ඕනේ නැහැ. බොරුවලට අහුවෙන්න එපා.
සල්ලි දීලා ඊශ්‍රයාලට ගියා කියලා තොරතුරු ලැබුනොත් අපි ඒ රජයත් එකක් එකඟතාවයක් ඇවිල්ලා තියෙන නිසා ඔවුන්ව ආපහු ගෙන්වා ගන්න කටයුතු කරනවා.මෙතනදි රාජ්‍යට අදාල නිල දීමනා විතරයි ගෙවන්න ඕනේ.
අපි විසිට් වීසා වලින් රට යන අයව නවත්වන්නත් ගුවන් තොටුපොලේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. එතකොට පරිසර මහාචාර්යතුමියක් කිව්වා මනූෂ දන්න විසිට් වීසා. විසිට් වීසා වලින් ගියාම එයා නවත්වන්නේ කොහොමද කියලා.

විසිට් වීසා වලින් ගිහින් මේ රටේ මිනිස්සු මේච්චර අනාත වෙලා ඉන්නවා. ඒත් මාධ්‍ය ඉදිරියට ඇවිති කාට හරි බනින එකයි මේ අයට වැදගත්.

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කරන්න කටයුුතු කිරීමත් සමඟ නීති විරෝධී වැඩ නවත්වන්න හැකියාව ලැබිලා තියෙනවා. එහිදී විගමනික ශ්‍රමිකයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමජිකයින් වෙන්න අවශ්‍ය කරන වරප්‍රසාදත් අපි දැනටමත් සකස් කරලා තියෙනවා.
එහිදී විගමනික ශ්‍රමකයින්ටත නියෝජිතයින්ට දෙන අවකාශයම දෙන්න කියලත් යෝජනා වුනා.

:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්