Saturday, October 17, 2026
Homeදේශීයවැට් එකට කැමැත්තෙන් නෙවෙයි අත ඉස්සූවේ - පොහොට්ටුවෙන් හතරබීරි කතාවක්

වැට් එකට කැමැත්තෙන් නෙවෙයි අත ඉස්සූවේ – පොහොට්ටුවෙන් හතරබීරි කතාවක්

වැට් එක ගහනවට කැමැත්තෙන් පොදුජන පෙරමුණ අත ඉස්සූවේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතා පවසනවා.

අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් වීරසිංහ මහතා මේ බව පැවසුවා.

එදා මැයි 09 වන විට රට තිබ්බු තැනින් ඉදිරියට ගෙන ඒමට වර්තමාන ජනාධිපතිවරයා ගෙන ඇති පියවර තේරුම්ගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ සඳහා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් විදිහට සහයෝගය ලබා දුන් බව මන්ත්‍රීවරයා පවසනවා.

වැට් එකෙන් ජනතාව අසීරුතාවයට පත් වන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට මුදල් ලබා දුන්න ද ඒ මුදල් වලින් කාලා වියදම් කළද, ලබාගත් මුදල් නැවත ගෙවන වැඩපිළිවෙළ ඔවුන් යළි ප්‍රශ්න කර සිටින බවයි මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේ.

READ:   හිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ තවමත් නිල නිවසේ රැදී සිටීම ගැන දයාසිරි ප්‍රශ්නකරයි (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්