Thursday, July 30, 2026
Homeදේශීයතාමත් නොවිසඳුණු ගැටලුවලට විසඳුම් ඉල්ලා ගලෙන්බිඳුණුවැව ගුරු විදුහල්පතිවරු අදත් පාරට.

තාමත් නොවිසඳුණු ගැටලුවලට විසඳුම් ඉල්ලා ගලෙන්බිඳුණුවැව ගුරු විදුහල්පතිවරු අදත් පාරට.

ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයේ ගුරු විදුහල්පති වෘතීය සමිති සන්ධානය අද ගලෙන්බිඳුණුවැව නගරයේදී විරෝධතාවක් පැවැත්වුවා.

ඒ මෙවර අයවැයෙන් වැටුප් විෂමතාවන්ට වහා විසඳුම් ඉල්ලීම, පාසල් නඩත්තු කටයුතු දේමාපියන්ට පැවරීම සහ අධ්‍යපනයට 6%ක් වෙන් කිරීම ඇතුළු අරමුණු කිහිපයක් මූලික කර ගනිමින්.

මේ අවස්ථාවට ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයේ පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

විරෝධතා පුවරුද රැගෙන විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ගලෙන්බිඳුුනුවැව නගරයේ ප්‍රධාන වටරවුමේ සිට කැකිරාව ප්‍රධාන මාර්ගය ඔස්සේ ගලෙන්බිඳුණුවැව කලාප කාර්යාලය ඉදිරිපිටින් බැංකු මාර්ගය ඔස්සේ නැවතත් ගලෙන්බිඳුණුවැව වටරවුමට පැමිණ පැයකට ආසන්න කාලයක් වටරවුම ආසන්යේ විරෝධතාවයේ නිරත වුණා.

විරෝධතාවයේ නිරතවීමෙන් පසුව මාධ්‍ය වෙතට අදහස් දක්වමින් විරෝධතාකරුවන් එම ස්ථානයෙන් විසිර ගියා.

READ:   යුද්ධ හමුදාධිපති රණවිරු නිවාස අරමුදලෙන් යුද්ධ හමුදා සාමාජිකයන් 71 දෙනෙකුට නිවාස ඉදිකිරීමට ප්‍රතිපාදන
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්