රට බංකොලොත් වීමට පුද්ගල කණ්ඩායමක් වගකිව යුතු බවට අධිකරණය තීන්දුවක් ලබා දී තිබියදී එම කණ්ඩායම නඩත්තු කිරීමට මෙවර අයවැයෙන් ද ප්‍රතිපාදන වෙන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා පවසනවා.
එලෙස මහජන මුදල් වෙන් කිරීම නතර කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ආර්ථික අර්බුදය හේතුවෙන් ලක්ෂ 6 කට ආසන්න සංඛාවක් විදුලිබිල ගෙවා ගැනීමට බැරිව සිටියදී වේලක් ඇර වේලක් කන තත්ත්වයට පත්ව සිටියදී එම අර්බුදයට වගකිවයුතු පුද්ගලයින්ට එලෙස මුදල් වෙන්කිරීම සාධාරණ ද යන්න ඔහු ප්‍රශ්න කර සිටියා.
ඒ අද (24) පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින්.


