සාධාරන සමාජයක් සදහා වන ජතික වියාපාරය නව ආණ්ඩු ක්‍රම විවස්තාවක් සදහා වන ප්‍රතිස්ංස්කරණ යෝජනා වලියක් ඉදිරිපත් කර තිබේ.ඉදිරි පත් කර තිබෙන කෙටුම් පත තුළ ඇති 19 වැනි සංසෝදනයේ සෙවනැල්ල පහසුවෙන් හදුනා ගත හැකිය.එහෙත් 19 වැනි සංසෝදනයේ එන දර්ශනයට වෙනස්ව එම කෙටුම් පතින් යෝජනා කර තිබෙන්නේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් නොව පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකි.යෝජනා කර තිබෙන ක්‍රමයට අනුව විවස්තාදායකය පාර්ලිමේන්තුවට අතිරේකව සාමාජිකයින් 45 දෙනෙකුගෙන් සමන්විත දෙවන මන්ත්‍රන සභාවකින් ද යුතුය.එයට සාමාජිකයින් තෝරාගන්නේ එක පළාතකින් පස් දෙනා බැගින් අදාළ පළත් සභාව විසින් ය.ජනාධිපති කෙනෙකු සිටියත් ඔහු විධායකයේ නාමික ප්‍රධානියා පමණකි..ජනාධිපති තෝරා පත් කරන්නේ පාර්ලිමේන්තුව හා සෙනට් මණ්ඩලය ඒකාබද්දව පවත්වන රැස්වීමක් මගිනි.ආණ්ඩුක්‍රම විවස්තාවේ ප්‍රකාශිතව සදහන් කර තිබෙන අවස්තාවලදී හැර අන් සියලු අවස්තා වලදී අග්‍රාමාත්‍ය වරයා මගින් අමාත්‍ය මණඩලය විසින් දෙනලද උපදෙස් අනුව ජනාදිපත්වරයා ක්‍රියා කළ යුතුය.උප ජනාධිපතිවරයෙක්ද සිටින අතර ඔහු/ ඇය ජනාදිපතවරයා අයත් වන ජන වරගයට අයත් නොවිය යුතුය.ලංකාව නම් කර ඇත්තේ ඒකීය රාජ්‍යක් ලෙස වුවද බලය බෙදා හැරීමේ ක්‍රමයක්ද ඊට ඇතුලත් ය.අනුපූරකතා මූලධර්මය අනුව එනම් යම් කාර්‍ය්යක් වඩා කාර්‍යක්ෂමව පහල මට්ටමක් විසින් කල හැකිනම් එය එම මට්ට්මට පැවරීම අනුව උපරිම ලෙස බලය බෙදා හැරිය යුතු බව එහි සදහන් වේ.ස්තර තුනකට බලය බෙදා හැරිය යුතු බවත් “පළාත “බලය බෙදීමේ ප්‍රාතමීක ඒකකය විය යුතු බවත් එහි සදහන් වේ.
විවස්තා සභාව හා ස්වාදීන කොමිෂන් සභා
…………………………………………………….
මෙම කෙටුම් පත සකස් කර තිබෙන නියායවාදින් ඇති කළ යුතු ආණ්ඩු ක්‍රමය ගැන කල්පනා කර තිබෙන අකාරයේ මනා ගැලපීමක් නැති බව කිව යුතුය.නිරවුල් චින්තනයක් වෙනුවට පෙනෙන්ට තිබෙන්නෙ ප්‍රස්පර විරෝධි අවුල් සගත චින්තනයකි.එම කෙටුම් පතේ ස්වාදීන කොමිෂන සභා ක්‍රමයට නැවත ලොකු වැදගත් කමක් ලබාදී තිබෙන බව පෙනේ.කෙටුම් පතේ 6 වැනි කොටසේ ඒ ගැන මෙසේ සදහන්වේ.”20 වන සංසෝධනයෙන් අහෝසි කරන ලද ආණ්ඩු ක්‍රම විවස්තා සභාව නැවත පිහිටුවන අතර එහි බලතල 19 වැනි සංසෝධනය යටතේ එයට තිබූ බලතල වලට අඩු නොවිය යුතුය.අග්‍රාමාත්‍ය වරයා, කතානායක වරයා සහ විපක්ෂ නායකවරයා හැර ආණ්ඩු ක්‍රම ව්වස්තා සභාවේ අන් සමාජිකයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවිය යුතුය.” අපේක්ෂා කරන්නේ අලුත් ආණ්ඩු ක්‍රම විවස්තාවක් නම් පරණ විවස්තාව අවලංගු වනු ඇත්තේ ඊට ඇතුලත් සංසෝධනද සමගය.ඒ නිසා 20 වන සංසෝධනය අහෝසිකරන බවට අලුතෙන් පොරොන්දු වීමක් අවශ්‍ය වන්නේ ඇයි?අනෙක් අතට 19 වැනි සංසෝදනයෙන් ඇත කරන ලද විවස්තා සභාව පදනම් කරගත් ස්වාදීන කොමිෂන් සභා ක්‍රමය පාර්ලිමේන්තු ආණ්ඩුවක් සදහා ගැලපෙන්නේ කෙසේ ද?ජනාදීපති ක්‍රමයක සංවරණය හා තුළණය සදහා යොදාගත් අසාර්තක ක්‍රමයක් ලෙස සැලකිය හැකි එම ක්‍රමය ඇති කරන්නට යන පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය සදහාද යොදාගත යුතු ක්‍රමයක් ලෙස යෝජනා කිරීම මගින් මෙම කෙටුම්පත් කරුවන් ගේ ච්න්තනයේ ඇති අවුල් සහගත භාවයේ තරම හොදින් පෙන්නුම් කරයි.
ලංකාවේ පවතින ජනාධිපති ක්‍රමය යටතේ රාජ්‍යයේ සකලවිද බලය තිබුනේ ජනාධිපති අතය.ජනාධිපති අධිකරනයට හෝ පාර්ලිමේන්තුවට උත්තර දීමට බැදී නොසිටියේය.එම තත්වය යටතේ රාජ්‍යය සේවය, පොලීසිය, අධිකරණ සේවය, මැතිවරණ , මානව හිමිකම් හා දූෂණ විමර්ශණය වැනි අංසවල ආයතන ප්‍රධානින් පත් කිරීමේදී සිදුවූ දේශපාලනිකරණය හා සමර විට එම උසස් තනතුරුවලට නුසුදුසු පුද්ගලයින් පත්කිරීම නිසා ඇතිවූ හානි වැලකීම සදහා ක්‍රම වේදයක් ඇති කරගැනීම සමාජ දේසපාලන අවශ්‍යතාවක් බවට පත්ව තිබුනි.විවස්තා සභාවක් පදනම් කරගත් ස්වාදීන කොමිෂන් සභා ක්‍රමයක් යෝජනා වුයේ එම ප්‍රස්නයට යොදාගත හැකි පිලියමක් වශයෙනි.2001 වසරේ ඔක්තෝබර් වලදී 17 වැනි සංසෝදනය ලෙස නීති ගත කෙරුනේ එම ක්‍රමයයි.එය පුලුල් දේසපාලන එකග තාවක් අනුව සම්මත කරගත් විවස්තා සංසෝදනයකි.එම ක්‍රමය ඉන් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී එනම් 2010 සැත්තැම්බර් වලදී 18 වැනි සංසෝදනය මගින් අහෝසිකරන ලදී.17 වන සංසෝදනයෙන් ඇතිකරන ලද විවස්තා සභාව පදනම් කරගත් ස්වාදීන කොමිෂන් සභා ක්‍රමය සමහර වෙනස් කම් ඇතිව 19 වැනි සංසෝදනය වශයෙන් 2015 අප්‍රේල් වලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාලන කාලයේදී නැවත ඇති කරන ලදී.ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසුව 2020 ඔක්තෝබරවලදී නීතිගතකරන ලද 20 වැනි සංසෝදනය මගින් 19 වැනි සංසෝදනය අහෝසි කරන ලදී.එහෙත් 17 වැනි හෝ 19වැනි සංසෝදනයන් මගින් ඇති කරන ලද විවස්තා සභා ක්‍රමය මත පදනම් වූ ස්වාදින කොමිෂන් සභා ක්‍රමය වැදගත් ආයතනවල ප්‍රධාන තනතුරුවලට පුද්ගලයින් පත් කිරීමේදී ජනාධිපති බුක්ති විදි හිතුවක්කාර බලය පාලනය කිරීමට යොදා ගැනුනු සාර්තක ක්‍රමයක් ලෙස සැලකිය නොහැකිය.ඒ ක්‍රමය ක්‍රියාත්මක කල හැකිවූයේ ඒ ක්‍රමයට ජනාදිපති ගේ කැමැත් තිබූ තාක් පමණය.ජනාධිපතිගේ
කැමැත්ත නැතිවූ විට ඒ ක්‍රමයද ක්‍රියාත්මක කළ නොහැකි දෙයක් බවට පත් විය.ඊට ප්‍රධාන හේතුව විවස්තාව මගින් ජනාධිපති නීතියට ඉහලින් තබා තිබෙන තත්වය තුළ ජනාධිපති අතින් සිදුවන කවර නීති උල්ලංගනයකදී වුවද ජනාධිපතිට එරෙහිව ගත හැකි කිසිදු නීතිමය ක්‍රියා මාර්ගයක් නොතිබීම නිසාය.එවැනි ස්වාදීන කොමිෂන් සභා ක්‍රමයක් ප්‍රායෝගික විය හැකිව තිබුනේ ජනාධිපති නීතියට පහළින් සිටින තත්වයක් ඇති කොට එවැනි ක්‍රමයක් ඇති කළේ නම් පමණය.ඒ අර්තයෙන් 17 වැනි හා 19 වැනි සංසෝදනයන් සැලකිය හැක්කේ එලුවකු බැද තැබීම සදහා පාවිච්චි කරන පුංචි දුබල රැහැනකින් ලොකු අලියෙකු බැද තැබීමට දරන ලද මෝඩ උත්සහායන් දෙකක් වශයෙනි.එම උත්සහායන් දෙකට ආවේනික එම මෝඩකමේ තරම තෙරුම් ගැනීමට මෙම කෙටුම්පත සකස් කළ නියායවාදින්ට නොහැකිවී ඇත්නම් ඔවුන් හොද විවස්තාවක් හදන්නේ කෙසේද?
ජනාධිපති ක්‍රමය හා පාර්ලිමේන්තු ක්‍රමය
………………………………………………..
මෙම කෙටුම් පත සකස් කළ අයගේ චින්තනයේ තිබෙන අවුල් සහගත භාවය පෙන්නුම් කරන තවත් වැදගත් තැනක් වනුයේ ජනාදිපති ආණ්ඩු ක්‍රමයක ජනාදිපතිගේ බලතල සංවරනය හා තුළනය සදහා යොදාගත් ක්‍රම වේදයක් ඇති කරන්නට යන පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් සදහාද යෝජනා කිරීමය.ඇමර්‍රිකාවේ තිබෙන්නේ ජානාධිපති ආණ්ඩු ක්‍රමයක් වුවත් ලංකාවේ තිබෙන ජනාධිපති ක්‍රමය මෙන් නොව එහි තිබෙන ආණ්ඩු ක්‍රමය තුළ ජනාධිපතිගේ සියලු ක්‍රියා කාරකම් දැඩි ලෙස පරික්ෂාවට ලක්වන ක්‍රමයක් එම ආණ්ඩු ක්‍රමය තුළ පවතී.එහි ජනාධිපති ඉන්නේ නීතියට පහළිනි.ජනාධිපති නීතියට පට හැනිව කරන ඕනෑම ක්‍රියාවක් අවලංගු කිරීමේ බල අධිකරණය සතුය.ජනාධිපතිට පාර්ලිමේන්තුව හෝ සෙනට් මණ්ඩලය විසුරුවා හැරිය නොහැකිය.ජනාධිපතිගේ සියලුම පත් කිරීම් සෙනට් මණ්ඩලයේ දැඩි පරීක්ෂාවට ලක්වේ.උසස් නිලතල වලට කරන පත් කිරීම් වලදී ජනාධිපතිවරයා සෙනට් මණඩලයේ උපදෙස් හා අනුමැතිය ලබා ගත යුතුය.ජනාධිපති කරන සියලුම පත් කිරීම් සදහා සෙනට් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍යය.ජනාධිපතිවරයා විසින් කරන මොනයම් හෝ පත් කිරීමක් සෙන්ට් මණ්ඩලය්යෙන් අනුමත නොවේ නම් එම පත් කිරීම වලංගු වන්නේ නැත.ලංකාවේ ජනාධිපති ආණ්ඩු ක්‍රමය හා ඒ යටතේ ලංකාවේ ජනාධිපතිගේ තත්වය ඊට මුලු මනින් වෙනස් ය.
ජනාධිපති රජයේ ප්‍රධාන විදායකයා වන අතර ත්‍රිවිද හමිදාවල ප්‍රධාන අණ දෙන නිලධරිද වෙයි.ඔහු ආණඩුවේ ප්‍රධානියාද ජනාධිපති වශයෙන් තමා විසින්ම පත් කරග්න්නා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාද වෙයි.ඔහු පාර්ලිමේන්තුවේ අසුන් නොගනී.පාරලිමේන්තුවට උත්තර දීමටද බැදී නැත. අධිකරනයට වගකීමටද බැදී නැත.17 වැනි හා පසුව 19 වැනි සංසෝදනයන් යටතේ විවස්තා සභාවක් යටතේ ක්‍රියාත්මක ස්වාදින කොමිෂන් සභා ක්‍රමයක් ඇතිකිරීමේ අරමුන වූයේ පරීක්ෂාවට හෝ පාළනයට ලක් කළ නොහැකි තත්වයක් තිබු ජනාධිපතිගේ සමහර ක්‍රියා පරීක්ෂාවට හා පාලනයට ලක්කරන තත්වයක් ඇති කිරීමය..ජනාධිපති ආණ්ඩු ක්‍රමයකට සපේක්ෂව පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක සැලකෙන්නේ ලිහිල්,උත්තර දීමට බැදී සිටින ක්‍රමයක් ලෙසය.ජනාධිපති ක්‍රමයකදී ජනාධිපති මෙන් නොව කැබිනට් මණ්ඩලයේ ප්‍රධනියා වන අගමැති ඔහු එම ධුරයට තෝරාගන්නේ විවස්තාදායකය විසිනි.ඔහු පාරලිමේන්තුවේ නියෝජිතයෙකු වන අතර පාර්ලිමේන්තුව අසන ප්‍රස්න වලට උත්තර දීමට බැදී සිටී.අගමැති ප්‍රමුඛ ඇමති මන්ඩලය තනතුරු දරන්නේ පාර්ලිමේන්තුවේ විස්වාසය තිබෙන තක් පමණය.පරික්ෂාවට ලක්වන එවැනි ලිහිල් ආණ්ඩුක්‍රමයක් සදහා දරදඩු ආණ්ඩු ක්‍රමයක් සදහා යෝදාගත් ක්‍රමයක් යෝජනා කිරීම මගින් චින්තනයේ තිබෙන අවුල් සහගත බාවය පෙන්නුම් කර තිබෙන්නේ යැයි කිව හැකිය.සෙනට් මණ්ඩලයක් ඇති කිරීම සදහා ඉදිරිපත් කර තිබෙන යෝජනාවට ඇතුලත් අදහස්ද දියුණු චින්තනයක් පෙන්නුම් කර නැතත් හොද සෙනට් මණඩලයක් ඇති නම් ස්ස්තීර කොමිෂන් සභා ක්‍රමයක් අවශ්‍ය වනු ඇත්තේ මැතිවරණ, රාජ්‍යය සේවය, අධිකරණ සේවය, විගනනය හා දූෂන විමරශනය වැනි අංස කිහිපයක් සදහා පමණය.අනෙක් අංස සෙනට් මණ්ඩලයට ආවරනය කළ හැකිය.
දෘෂ්ටියේ දුගීභාවය
……………………..
ලංකාවේ දැන් තිබෙන ජනාධිපති ක්‍රමය හෝ අර්ධ ජනාධිපති ක්‍රමය 1978 දී ඇති කළේ තිබුන පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය ජනාධිපති ආණ්ඩු ක්‍රමයකට පරිවර්තනය කිරීමෙනි.පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රම ජනාධිපති ආණ්ඩු ක්‍රමවලට පරිවර්තනය කෙරුනු අවස්තා ගැන බහුල වශයෙන් අසා ඇතත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට පරිවර්තනය වූ අවස්තාවක් ගැන මා අසා ඇත්තේම නැති තරම් ය.මා දන්නා නිදර්ශන නැති පමනින් එය කළ නොහැකි දෙයක් බව මම එක හෙළා කියන්නේ නැත.එහෙත් දැන් ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය තිබෙන්නේ එක දිගට වසර 43 ක් දූෂිත ජනාධිපති ක්‍රමයක ආධිපත්‍ය යටතේ උපරිම මට්ට්මකට දූෂිතවූ,විකුර්තිවූ,බෙලහීනවු හා අසමත් භාවයට පත්වූ ( නීතියට පටහැනිව මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් රජය සමග විවිද වියාපාර පවත්වාගෙන යන වියාපාරිකයින් බවට පත්ව සිටිති.)තත්වයකය.එම තත්වයේ යහපත් ගැබුරු වෙනසක් ඇති කරන වියුහමය ප්‍රතිසංස්කරණ නැතිව දැන් තිබෙන පාර්ලිමේන්තුවට බලය ලබා දෙන ප්‍රතිපත්තිය ක් රටට ඇතිකළ හැකි විනාශය අති විශාලය.එහෙත් ඒ සදහා අවශ්‍ය ප්‍රතිසංස්කරන සදහා වන ශක්තිමත් ඉදිරිගාමි දැක්මක් මෙම විවස්තා කෙටුම් පතේ දරශනය තුළ දැකිය නොහැකිය.කොටින්ම දැන් ලංකාව තිබෙන්නේ නූතන ඉතිහාසයේ මීට පෙර අන් කවරදාකවත් තිබී නැති රට පූර්ණ අරාජකත්වයකට ගෙන යන අර්බුදයකි.සමාජ- දේසපාලන ක්‍රමයේ හා අර්තිකයේ ඇති වී තිබෙන්නේ මහා බිද වැටීමකි.රාජ්‍යයේ මහා කඩා බිදවැටීමක් පෙනෙන්න්ට තිබෙන අතර රට නූතන ඉතිහාසයේ මීට පෙර කොයි කවර දාකවත් ඇතිවී නැති තරමේ මහා අර්බුදයකට තල්ලු වී යමින් පවතී.එහෙත් එම අර්බුදය ගැන කිසිදු අදහසක් මෙම කෙටුම් පතට ඇතුලත් නොවන අතර එම මහා අර්බුදයෙන් ලංකාව ගලවා ගැනීමට හේතුවන විචක්ෂන විවස්තාමය දර්ශනයක සේයාවක් වත් පෙන්නුම් කිරීමට කෙටුම් පත සමත් වී නැති බවද කිව යුතුය.
පරන යල් පැන ගිය ප්‍රභූ විවස්තා සම්පාදනයෙන් ඉවත්වී සහභාගි හෙවත් මහජන විවස්තා සම්පාදනයක් ඇති කරගැනීමේ අවශ්‍යතාව ගැන වන කිසියම් අකාරයක සංවාදයක් දැන් වසර හතරක තරම් කාලයක් තිස්සේ මේ රටේ පැවතුනි..එවැනි නව අදහසක් සමාජ ගත වෙමින් තිබියදීත් ඒ බව මුලු මනින් නොසලකා පරන සාම්ප්‍රදායි ක්‍රමයට මෙම විවස්තා කෙටුම් පත සකස් කරන්නට ඇත්තේ සමහර විට වඩා නවීන හා ප්‍රජාතන්ත්‍රවාදී,මහ ජනායාට බර තබා ක්‍රියා කරන විවස්තා සම්පාදන ක්‍රමයක් ලෝකයේ තිබෙන බව නොදැන විය හැකිය.නැත හොත් මහජන ක්‍රමය තමන්ට හුරු පුරුදු පරන ප්‍රභූ ක්‍රමයට වඩා නරක ක්‍රමයක් ලෙස සැලකූ නිසා විය හැකිය.මහචාර්‍ය විවියන් හාර්ට් පෙන්වදී තිබෙන අකාරයට “විසි එක් වැනි සියවසේ ආණ්ඩුක්‍රම විවස්ථාකරණය විශේෂඥ ආණ්ඩුක්‍රම විවස්ථා සම්පාදනයේ දිගු කාලීන සම්ප්‍රදාය ප්‍රති- අර්ථකථනය කරමින් එය ප්‍රජාතන්ත්‍ර වාදි සහභාගි අදියරයක් කරා ගෙන එමින් පවතී.””දියුණු වෙමින් පවත්නා ජාතීන් විසින් නව සහබාගිත්ව ආකෘතීන් අත් හදා බලමින් පුරවැසියන් හට මෙම ක්‍රියා වලියේ මූලාරම්භය ලබාගැනීමේ අවකාශ සලසමින් මහජනයාගේ දායකත්වය නියාය පත්‍ර සැකසීම, අන්තර්ගතය හා අපරානුමැතිය යන ක්ෂේත්‍රයන්හි විහිදී යන අකාරයේ විවුර්ත ආණ්ඩුක්‍රම විවස්ථා සංවාදයක් නිර්මානා කිරීමේ උත්සහයක නිරත වෙමින් සිටී.”ලංකාව තෝරාගත යුත්තෙත් එම මාවත නොවේද?
– ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්








