සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තෙල් තොගය දැනට තිබෙන තත්ත්වය අනුව ප්‍රමාණවත් වන්නේ ජනවාරි මැද දක්වා පමණි. ඒ අනුව දෙසැම්බර් 10 වැනිදා පිරිපහදුවේ කටයුතු ආරම්භ කළ ද, විදුලිබලය නිෂ්පාදනය සඳහා පැවැති තොගය මෙට්‍රික් ටොන් 16000 ක් පමණක් වූ අතර, දිනකට විදුලි බල උත්පාදනය සඳහා නිකුත් කෙරෙන තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 500 කට සීමා කර තිබිණ,.
ඒ ආකාරයෙන් පිරිපහදු තෙල් භාවිතා කළ ද එය ප්‍රමාණවත් වන්නේ දින 25 කට පමණක් වන අතර, විදුලි බල උත්පාදනය සඳහා භාවිත කිරීම සඳහා අමතරව පවතින්නේ පිරිපහදු තෙල් මෙට්‍රික් ටොන් 12500 ක ප්‍රමාණයක් පමණි.
මේ අතර විදුලිබල මණ්ඩලය සතුව ඔවුන්ගේ ගබඩාවල පවතින තෙල් තොග ප්‍රමාණය මෙට්‍රික් ටොන් 21,200 ක් පමණි.
තෙල් තොග ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරි මාසය තුළ සපුගස්කන්ද තෙල් පිරිපහදුව නිශ්චිතවම වසා දැමීමට සිදුවනු ඇති අතර,
මෙම තත්ත්වය තුළ විදුලිය නිෂ්පාදනය සඳහා පිරිපහදු තෙල් නිකුත් කිරීම නැවැත්වීමට ද සිදුවනු ඇත.
ඒ හේතුවෙන්ම එළඹෙන ජනවාරි 15 වෙනිදායින් පසු බොහෝදුරට දිවයින පුරා විදුලිය කප්පාදු කිරීමක් සිදු කිරීමට සිදුවනු ඇත. දැනටත් දිවයින පුරා ප්‍රදේශ කිහිපයක නොදන්වා විනාඩි 45 ක පමණ කාලයක් විදුලිය කප්පාදුවක් සිදු කරමින් පවතී., එසේ නොදන්වා විදුලිය කප්පාදු කිරීම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන නීති විරෝධී ක්‍රියාවකි.
-පාඨලී චම්පික රණවක
ජනවාරි සිට විදුලි කප්පාදුවක් අනිවාර්යයි! -පාඨලී
නවතම වීඩියෝ
-
දැන් ලංකාවේ පෙට්ට්‍රල් තියෙනවා කිවුවනේ?? - ඉන්ධන මිල වැඩිවීම ගැන ජනතාව කියන දේ මෙන්න
-
🚨ඉන්ධන මිල ඉහළට..ඩීසල් 22කින්.. 92පෙට්‍රලුත් 24කින් ඉහළට...!!
-
රජයේ රෝහලකට ප්‍රථමවරට AI භාවිතා කළ හැකි නවීනතම MRI යන්ත්‍රයක්...වටිනාකම රුපියල් මිලියන 450කට අධිකයි.
-
මෙන්න ප්‍රශ්න හූ හූ.. හා, අඟුරු ගැන අල්ලස් 1ට පැමිණිල්ලක් දැම්මද?පරණ හොර ටෙන්ඩරුත් තියෙනවද?


