Tuesday, April 21, 2026
Homeදේශීයවැඩි පඩි ඉල්ලන සිද්ධිය වෙච්ච විදිහ ජනපති හෙළිකරයි. 20000ක පඩි වැඩිවීමක් ඉල්ලන වෘත්තීය සමිතිවලට...

වැඩි පඩි ඉල්ලන සිද්ධිය වෙච්ච විදිහ ජනපති හෙළිකරයි. 20000ක පඩි වැඩිවීමක් ඉල්ලන වෘත්තීය සමිතිවලට කනේ පාරක්?

20,000කින් රාජ්‍ය සේවක වැටුප් වැඩිකරන ලෙස වෘත්තීය සමිති කරන ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දක්වා සිටිනවා.

මීට මාස දෙකකට පමණ පෙර රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට තීරණය කළ බවත් එය පසුව වෘත්තීය සමිති විසින් දැනගෙන අන්තිම සති දෙකේ 20,000ක් ඉල්ලා උද්ඝෝෂන ආරම්භ කළ බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ඊයේ (14) ජනාධිපති කාර්යාලයේ විශේෂ හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

“අපි මාස එක හමාරකට දෙහෙකට ඉස්සෙල්ලා පඩි වැඩි කරන්නත් 10,000 රේන්ජ් එකේ තියලා අන්තිමට 10,000 කරන්නට කියලා තීරණය කළා. ඕක පොඩ්ඩක් භාණ්ඩාගාරයේ අනිත් අය දැනගන්න කොට ඕක පිටවුණා.”

“පිටවුණාම වෘත්තීය සමිති බැලුවා ඉස්සෙල්ලා හිතුවා අපි දෙන්නෑ කියලා.මොකක්වත් දෙන්නෑ කියලා ස්ට්‍රයික් කරන්න හිටියේ.”

“10,000 කිව්වම ඒකයි අන්තිම සති දෙකේ පාරට බැහැලා 20,000 කියලා.”

“ඒච්චරයි සිදුවුණේ වෙන එකක් නෑ එතන.”

“ඔක්කොම දැනගෙන හිටියා 10,000ක් අපි දෙන්ට යනවා කියලා.”

“විශේෂයෙන් පඩි වැඩිකරනවා කියලා මං කිව්වට පස්සේ තමයි 20,000 ඉල්ලන්ට ගියේ.”

READ:   මෙරට දියත් කෙරෙන විශාලතම කෘෂි නවීකරණ වැඩසටහන නුදුරේදීම ක්‍රියාත්මක කරනවා - ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්