Tuesday, September 1, 2026
Homeදේශීය2024 අයවැය උගතෝකෝටික ගැටලුවකට මැදිවෙලා - බන්දුල

2024 අයවැය උගතෝකෝටික ගැටලුවකට මැදිවෙලා – බන්දුල

විශාල රාජ්‍ය මූල්‍ය ගැටලුකාරී තත්ත්වයක් තුළ වඩාම අත්‍යවශ්‍ය දේ සඳහා සම්පත් බෙදා හැරීමේ උගතෝකෝටික ගැටලුව විසඳීමට මෙවර අයවැයට සිදුව ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

නව විධිවිධාන අනුව මහ බැංකුවට මුදල් අච්චු ගැසීමක් සිදු කළ නොහැකි වීමත් තවදුරටත් විදේශයෙන් ණය ලබා ගත නොහැකි වීමත් ඊට හේතුව බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

රාජ්‍ය මූල්‍ය ගැටලුකාරී තත්ත්වය කෙතරම් උග්‍ර වුවද ඇණහිට ඇති සංවර්ධන කටයුතු ජනවාරි සිට යළි ආරම්භ කිරීමට අයවැයෙන් ප්‍රතිපාදන ලබාදෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   වන්දනාගමනක් ගිය බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි (PHOTO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්