Thursday, April 30, 2026
Homeවිදේශීයප‍්‍රංශය මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කරයි

ප‍්‍රංශය මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කරයි

ප්‍රංශයේ එළිමහන් ස්ථානයන්හිදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇත.  යුරෝපා කලාපය තුළ යළිත් වරක් කොරෝනා වෛරසය හිස එසවීම මෙම තීරණයට බලපා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විශේෂයෙන් පැරීසිය ඇතුළු සංචාරක ස්ථාවල දී මුහුණු ආවරණ අනිවාර්ය කර ඇතැයි එරට බලධාරීන් සදහන් කර තිබේ. ඊයේ සිට මෙම නීතිය ක්‍රියාත්මක වේ. 

 වයස අවුරුදු 11ට වැඩි ඕනෑම කෙනෙකු මුහුණු ආවරණයක් නොමැතිව හසු වුවහොත් ඩොලර් 135 ($ 159) ක දඩයකට යටත් වේ. මෑත සති කිහිපය තුළ  කොවිඩ් -19 ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති යුරෝපීය රටවල් කිහිපයෙන් එකක් වන්නේ ප්‍රංශයයි. පසුගිය සිකුරාදාවන විට ප්‍රංශයෙන් වාර්තා වී ඇති නව ආසාදිතයන් ගණන 2,288 කි.

dinamina.lk

READ:   ඊශායල හමාස් ගැටුම් හමුවේ ජීවිතය ඉල්ලා දහස්ගණනක් ඊජිප්තු දේශසීමාවට
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්