Tuesday, September 15, 2026
Homeක්‍රීඩානවසීලන්තයට පහසු ඉලක්කයක්

නවසීලන්තයට පහසු ඉලක්කයක්

එක්දින ක්‍ර්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තයට එරෙහිව පැවති තරගයේ පන්දුවාර 46යි පන්දු 3ක් තුල සියලුදෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළේ ලකුණු 171ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් ජනිත් පෙරේරා ලකුණු 51(28) ක් රැස් කළා.

ධනංජය ද සිල්වා ලකුණු 19යි. ඇන්ජිලෝ මැතිව්ස් ලකුණු 16 යි.

පන්දුවාර 20 වන විටත් අඩවියටම වැටි තිබූ ශ්‍රී ලංකා ඉනිම තරමකට හෝ ශක්තිමත් කිරීමට පසුපෙළ ක්‍රීඩකයන් වූ මහීෂ් තීක්ෂණ හා දිල්ශාන් මධුසංක ඉවසිලිවන්තව ගත් උත්සාහය කැපී පෙණුනා.

මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 38ක් සහ දිල්ශාන් මධුසංක ලකුණු 19ක් වශයෙන් රැස් කළා.

මුල් පෙළ පිතිකරුවන් බෝහෝ දෙනෙක් නවසීලන්ත පන්දු හමුවේ ඉක්මනින් දැවී ගියා.

READ:   ග්ලෙන් මැක්ස්වෙල් අනතුරකට ලක්වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්