Monday, September 14, 2026
Homeදේශීයඅද හවස් වරුවේ තද වැසි

අද හවස් වරුවේ තද වැසි

අද (07) දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්මේන්තුව සඳහන් කළේ, බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇති වෙනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   Yuan Wang - 5 චීන නෞකාව අද දිවයිනෙන් පිටත්වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්