Sunday, April 19, 2026
Homeදේශීයහරක්කටා ඩුබායි යවන්න පොලිස් ඇමතිට මිලියන 700ක අල්ලසක් දෙන්න හදලා

හරක්කටා ඩුබායි යවන්න පොලිස් ඇමතිට මිලියන 700ක අල්ලසක් දෙන්න හදලා

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක හරක්කටා ගෙන්වීමේදී තමන්ට මිලියන 700ක අල්ලසක් ලබා දීමට කටයුතු කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

ඒ හරක්කටා මෙරටට නොගෙන ඩුබායි වලට ඇරීම වෙනුවෙන් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔහු මේ බව පැවසුවේ දිවයින පුරා සිදුවන අපරාධ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හා පොලිස් ස්ථානාධිපතිවරුන් සමග අද පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

“හරක් කටා ගේනකොට මට මිලියන 700ක් ඕෆර් කෙරුවා. මෙහෙට ගේන් නැතුව ඩුබායිවලට අරින්න කියලා. ජනාධිපතිතුමත් දන්නවා ඒක. වැඩිදුර යන්න හම්බුන් නෑ ඕෆර් එක දුන්න එක්කෙනා මැරුන් කෑවා. මේ පලාතේම.”

file
READ:   ජනාධිපති කාර්යාලයට පළමුව ඇතුළු වූ විරෝධතාකාරුවා අත්තඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්