Sunday, June 28, 2026
Homeදේශීයරැවුල වවපු, කොණ්ඩ කලර් කරපු පාසල් සිසුන්ගේ සීසන් එක අත්අඩංගුවට ගන්න –...

රැවුල වවපු, කොණ්ඩ කලර් කරපු පාසල් සිසුන්ගේ සීසන් එක අත්අඩංගුවට ගන්න – දඹුල්ල ඩිපෝ කළමනාකරුගෙන් නීතියක්

පාසල් වාර ප්‍රවේශ පත්‍ර භාවිත කර ලංගම බස් රථවල ගමන් ගන්නා පාසල් දරුවන් රැවුල වැවීම, කොණ්ඩය ඩයි කිරීම ආදි විලාසිතාවන් නොකළ යුතු අතර එවැනි විලාසිතා සහිතව බස් රථවල ගමන් ගන්නා ළමුන්ගේ පාසල් වාර ප්‍රවේශ පත්‍ර අත්අඩංගුවට ගැනීමට කොන්දොස්තරවරයාට අයිතිය ලැබෙන බව නිවේදනයක් නිකුත් කරමින් දඹුල්ල ඩිපෝ කළමනාකාරවරයා පවසනවා.

එම විලාසිතා කරන පාසල් දරුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගත යුතු බව ද ඔහු අවධාරණය කරයි.

එලෙස ප්‍ර⁣වේශ පත්‍රයක් ද නොගෙන ගමන් කරන පාසල් දරුවන් ලංගම ප්‍රවේශ පත්‍ර ජංගම පරීක්ෂණ කණ්ඩායම්වලට හසු වුවහොත් දඩ මුදල් ගෙවීමට ද සිදුවන බව එම නිවේදයේ වැඩිදුරටත් දැක්වෙනවා.

READ:   රෝහල් පරිගණක පද්ධතිය සකස් කර ගැනීමට බලධාරීන්ගේ සහය අවශ්‍යයයි - වෛද්‍යවරුන්ගේ සංගමය
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්