Wednesday, July 15, 2026
Homeදේශීයමැතිවරණ නීති සංශෝධනයට නිර්දේශ ලබා දීම ඇතුළු කාර්යන්ට ජනපතිගෙන් පරීක්ෂණ කොමිෂන් සභාවක්

මැතිවරණ නීති සංශෝධනයට නිර්දේශ ලබා දීම ඇතුළු කාර්යන්ට ජනපතිගෙන් පරීක්ෂණ කොමිෂන් සභාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබෙනවා.

පවතින මැතිවරණ නීති පිළිබඳව පරීක්ෂා කර බලා මැතිවරණ නීති සංශෝධනය කිරීම, දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් විසින් නිසි පරිදි මාධ්‍ය භාවිතා කළ යුතු ආකාරය පිළිබඳව මාධ්‍ය උපමාන සකස් කිරීම, දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා ඔවුන්ගේ සාමාජිකත්වය දේශපාලන හා පොදු කටයුතු ඉටුකිරීමේදී හැසිරිය යුතු ආකාරය ගැන චර්යාධර්ම පද්ධතියක් හඳුන්වාදීම ඇතුළු කාර්යන් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කොමිසමට පැවරෙනවා.

දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සහ විශ්වාසනීයව හා මහජනතාවට වගකියන අයුරින් ඒවායෙහි කටයුතු කිරීම සම්බන්ධව නීති රීති ශක්තිමත් කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමේ කාර්ය ද මෙම කොමිසමට හිමිව තිබෙනවා.

අවශ්‍ය නිර්දේශ මාස 6ක් තුළ ලබා දීම වෙනුවෙන් මෙම කොමිසම විශ්‍රාමික අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් සාමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විතයි.

READ:   අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාලා තුළ සිදු වන ළමා ලිංගික අපයෝජන වාර්තා කරන නව ප්‍රවේශය එළිදැක්වේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්