Saturday, May 30, 2026
Homeදේශීයඅධ්‍යාපනයට රජයෙන් බිලියන 465ක්

අධ්‍යාපනයට රජයෙන් බිලියන 465ක්

2024 වර්ෂය සඳහා ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 255ක් වෙන් කිරීමට සහ උසස් අධ්‍යාපනය වෙනුවෙන් තවත් රුපියල් බිලියන 210ක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසනවා.

ලබන වසර අවසන් වන විට සියළුම සරසවි සඳහා උපකුලපතිවරයාට අමතරව නියෝජ්‍ය උපකුලපතිවරුන් පත් කිරීමට නියමිත බව යි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

ශ්‍රි ලංකාවේ ඉගෙනගන්නා ක්‍රමය මෙන්ම උගන්වන ක්‍රමය යන ද්විත්වයම වෙනස් විය යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුරේන් රාඝවන් මහතා.

“ඒ වගේම පුරවැසියා බලගැන්වීම සඳහා 2025 වසරේ සිට, රජයේ විශ්වවිද්‍යාලයක උපාධි ලබන ඕනෑම සිසුවෙකුට රජය ආයෝජනය කරන මුළු මුදලම සෘජුවම ශිෂ්‍යත්වයක් ලෙස ලබා දීමට ද අප පියවර ගන්නවා. එමඟින් ඕනෑම සිසුවෙකුට තමන්ට කැමති විශ්වවිද්‍යාලයක් තෝරාගැනීමේ හැකියාව ද ලැබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම යටතේ, මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ තීරණාත්මක වෙනසක් ඇති වෙන බවට අපට විශ්වාසයි.”

“ශ්‍රි ලංකාවේ ඉගෙනගන්නා ක්‍රමය මෙන්ම උගන්වන ක්‍රමය යන ද්විත්වයම වෙනස් විය යුතුයි. ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය වෙනුවෙන් 2024 වර්ෂය සඳහා රුපියල් බිලියන 255ක් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා. උසස් අධ්‍යාපනය වෙනුවෙන් තවත් රුපියල් බිලියන 210ක් ලබාදීමට කටයුතු කරනවා.”

READ:   පියත් නිකේෂල රිමාන්ඩ් භාරයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්