Friday, June 5, 2026
Homeදේශීයමෛත්‍රීපාලට අධිකරණයෙන් නියෝග

මෛත්‍රීපාලට අධිකරණයෙන් නියෝග

පැවරී තිබූ රාජකාරි වගකීම් පැහැර හැරීමට දඬුවමක් ලෙස පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ගෙවන ලෙස අධිකරණය විසින් නියම කළ සම්පූර්ණ මුදල ගෙවන ලෙසත් එය ලබන වසරේ ජූලි 30 වන විට ගෙවා නිම කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නියෝග කර තිබෙනවා.

ඒ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලත්ත ජයවර්ධන යන වගඋත්තරකරුවන්ට ද එම නියෝගයට යටත් කරමින්.

ඒ අනුව නියම කළ සම්පූර්ණ වන්දි මුදල ගෙවා අවසන් කිරීමට වසර 10ක කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයෙන් කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

file
READ:   භූ කම්පනයෙන් මියන්මාරයට හදිසි තත්ත්වයක්: අයෙක් මරුට 50කට තුවාල
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්