Friday, October 2, 2026
Homeක්‍රීඩාදරුණු පරාජය හමුවේ පාකිස්තාන ක්‍රිකට් තේරුම් කමිටු ප්‍රධානී ඉන්සමාම් උල් හක් ධුරයෙන් ඉවතට

දරුණු පරාජය හමුවේ පාකිස්තාන ක්‍රිකට් තේරුම් කමිටු ප්‍රධානී ඉන්සමාම් උල් හක් ධුරයෙන් ඉවතට

පාකිස්තාන ක්‍රිකට් තේරුම් කමිටු ප්‍රධානී ඉන්සමාම් උල් හක් එම ධුරයෙන් ඉවත් වී තිබෙනවා.

ඒ එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තානය තරග කිහිපයක් දරුණු ලෙස පරාජයට පත්වීම හේතුවෙන්.

තරගාවලියේ සහභාගී වූ පළමු තරග 6න් තරග 4ක් පාකිස්තානය පරාජය වුණා.

අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වෙන තෙක් ඉන්සමාම් ඔහුගේ තනතුරින් ඉවත් වූ බවයි පාකිස්තාන ක්‍රිකට් වාර්තා කළේ.

පාකිස්තාන ක්‍රිකට් වෙත විනිවිද භාවයෙන් යුත් පරීක්ෂණයකට ඉඩ ලබා දෙමින් තමන් එම තනතුරින් ඉවත්වූ බව ඉන්සමාම් උල් හක් පවසා තිබුණා.

කෙසේ වෙතත් ඔහුගේ ඉවත්වීම තාවකාලික විය හැකි අතර එය පාකිස්තාන ක්‍රිකට් තේරුම් කමිටුව ගැන පවත්වන අභ්‍යන්තර පරීක්ෂණයක ප්‍රතිඵලය මත තීරණය වෙනවා.

READ:   BREAKING NEWS: ශ්‍රී ලංකා ක්‍රිකට් කුමන්ත්‍රණයක් ගැන තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්