Friday, September 11, 2026
Homeදේශීයසතියෙන් අස්වැසුම ප්‍රශ්න ඉවරයි ‘අස්වැසුම සතිය’

සතියෙන් අස්වැසුම ප්‍රශ්න ඉවරයි ‘අස්වැසුම සතිය’

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ ‍පවතින ගැටළු විසඳීමට නොවැම්බර් 06 වැනිදා සිට 11 වැනිදා දක්වා ‘අස්වැසුම සතියක්’ ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය පවසනවා.

අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස සුදුසුකම් ලබා ඇති නමුත් මෙතෙක් ප්‍රතිලාභ ලැබී නොමැති පවුල් මෙන්ම තාක්ෂණික ගැටළු හේතුවෙන් ප්‍රතිලාභ ප්‍රමාදවී ඇති පවුල් සඳහා කඩිනමින් ප්‍රතිලාභ ලබාදීමට මෙමඟින් හැකිවන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ.

ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හා සියළුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල එක්ව මෙම සතිය තුළදී එම ගැටළු විසඳීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළා.

මේ අතර ජූලි මාසය සඳහා සියලුම ගෙවීම් අස්වැසුම ප්‍රතිලාභීන්ට ගෙවා ඇති අතර අගෝස්තු මාසය සඳහා ගෙවීම් කටයුතු ලබන බදාදා සිට ආරම්භ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

READ:   තීරණ නිවැරදි වෙලාවට ගත්තනම් ගොවි ජනතාව මෙච්චර අන්ත අසරණ වෙන් නෑ - කෘෂිකර්ම ඇමති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්