Thursday, September 10, 2026
Homeදේශීයබිලා යන රියදුරෙකු ඇල්ලුවොත් පොලිස් නිලධාරියාට 5000ක්

බිලා යන රියදුරෙකු ඇල්ලුවොත් පොලිස් නිලධාරියාට 5000ක්

බීමත් රියැදුරකු අත්අඩංගුවට ගන්නා ඕනෑම පොලිස් නිලධාරියකුට රුපියල් 5000ක දීමනාවක් ගෙවීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂක කොට්ඨාසය තීරණය කර තිබෙනවා.

ලබන වසරේ ජනවාරි 01 වනදා දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක යි.

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේදි ගෙවන රුපියල් 5000 දීමනාව වැටුපට අමතරව ලබා දෙන අතර ඊට වැඩියෙන් කරන අත්අඩංගුවට ගැනීම් සඳහා රුපියල් 5000ට වැඩි දිමනා ලබා දෙන බවයි රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ ප්‍රකාශ කර ඇත්තේ.

READ:   රාජ්‍ය සේවයට යළි පඩි වැඩි කළ හැක්කේ ලබන වසරේදී පමණයි - ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්