Sunday, April 19, 2026
HomeදේශීයBREAKING NEWS: කෙහෙළිය සෞඛ්‍ය ඇමතිකමෙන් ඉවතට

BREAKING NEWS: කෙහෙළිය සෞඛ්‍ය ඇමතිකමෙන් ඉවතට

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම ධුරයෙන් ඉවත් කර පරිසර අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා.

ඒ අද (23) පෙරවරුවේ සිදුකෙරුණු අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී.

මේ අතර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර මහතා මීට සුළු වෙලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දිවුරුම් දී තිබෙනවා.

වෛද්‍ය රමේෂ් පතිරණ මහතාට කර්මාන්ත අමාත්‍ය ධුරයට අමතරව සෞඛ්‍ය අමාත්‍ය ධුරය ද හිමිව ඇති අතර රංජිත් සියඹලාපිටිය වැවිලි කර්මාන්ත කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

ඒ ඔහු දැනට දරනු ලබන මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරවයි.

READ:   රෝගීන්ගේ රහස්‍යභාවය හේතුවෙන් මරණ ගැන සම්පූර්ණ වාර්තාව හෙළි කළ නොහැකියි! සෞඛ්‍ය ඇමති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්