මෙරට ස්නායූවේදය පිළිබඳ වෛද්‍යවරුන් සිවුදෙනෙක් ජාත්‍යන්තර මට්ටමේ ඇගයීමට ලක්ව තිබෙනවා.
ඒ ස්නායුවේදය පිළිබඳව ලෝක සම්මේලනය සංවිධානය කළ ‘ටූනර්මන්ට් ඔෆ් මයින්ඩ්ස්’ (මනස පිළිබඳ තරඟාවලිය) තරගාවලියේදි රටවල් 136ක් පරදා ජයග්‍රහණය කරමින්.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහාචාර්ය තාෂි චෑන්ග්, ආචාර්ය ඒ.ටී. අලිබෝයි, ආචාර්ය සේනක බන්දුසේන සහ ආචාර්ය මංජුල කල්දේරා යන ස්නායූ විශේෂඥ වෛද්‍යවරුන් සහභාගී වී සිටියා.
එහිදී ඔවුන් ස්නායු රෝග අංශයේ ලෝක කුසලානය මෙරට දිනා දී තිබෙනවා.



