Thursday, July 23, 2026
Homeදේශීයපොලිස්පතිගේ සේවා දිගුව පාර්ලිමේන්තුවේ ඇවිලෙයි..

පොලිස්පතිගේ සේවා දිගුව පාර්ලිමේන්තුවේ ඇවිලෙයි..

මේ වන විට රටතුළ නිත්‍යානුකූලව පොලිස්පතිවරයෙකු පත්ව නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්‍යම් පවසනවා.

චීන සංචාරයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට ලබා දුන් සේවාදිගුව ව්‍යවස්ථාව සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඔහු පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා ඇතුළු මන්ත්‍රීවරුන් අදහස් දැක්වීමත් සමඟ පාර්ලිමේන්තුවේ ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.

ධුරකාලය ඉක්මවූ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට යළිත් වරක් සති තුනක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා පසුගියදා පියවර ගෙන තිබුණා.

READ:   ලී මෝලක් හිමි කාන්තාවක් කපා කොටා ඝාතනය කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්