Sunday, July 26, 2026
Homeදේශීයධනුෂ්කගේ ක්‍රිකට් තහනම ඉවතට

ධනුෂ්කගේ ක්‍රිකට් තහනම ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ස්වාධීන පරීක්ෂණ කමිටුවේ නිර්දේශය මත එම තීරණය ගත් බව ක්‍රිකට් ආයතනය පවසනවා.

2022 ඕස්ට්‍රේලියාවේ තරග සංචාරයක් අතරතුර එරට කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට ලක්වීම හේතුවෙන් ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

ඕස්ට්‍රේලියානු අධිකරණය ධනුෂ්ක එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට පසුගියදා නියෝග කළා.

READ:   අනවසරයෙන් රටින් පිට වීමට ගිය 51 දෙනෙකු නාවුක හමුදාව භාරයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්