Saturday, May 30, 2026
Homeදේශීයඉන්දියා - ශ්‍රී ලංකා මගී නෞකා සේවයේ සමාරම්භයට ඉන්දියාවෙන් වැඩි ඉඩක්

ඉන්දියා – ශ්‍රී ලංකා මගී නෞකා සේවයේ සමාරම්භයට ඉන්දියාවෙන් වැඩි ඉඩක්

දකුණු ඉන්දියාවේ නාගපට්නම් සිට මෙරට කන්කසන්තුරය වරයා දක්වා මගී නෞකා සේවය අද (14) ආරම්භ කෙරුණා.

ඒ අනුව මගීන් 100 දෙනෙකූ රැගත් නෞකාවත් ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන බවයි වාරය නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කළේ.

පැය 4 ක් ගතවන මෙම එක් ගමන්වාරයකට අයකරන මුදල රුපියල් 26,750ක්.

එහිදී එක් මගියෙකුට කිලෝගෑම් 50 බරකින් යුත් භාණ්ඩ රැගෙන යාමට හැකියි.

ඉන්දියාවට යාමෑට සහ ඒහට ශ්‍රී ලංකා රුපියල් 53,500ක ගාස්තුවක් අයකිරීමට නියමිතයි.

මේ අතර අද ආරම්භ කෙරුණු ශ්‍රී ලංකා ඉන්දියා මගී නෞකා සේවය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබුණා.

ඉතිහාස ගත අවස්ථාවක් වන මෙය ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවය වර්ධනය කර ගැනීමට මහඟු අවස්ථාවක් ද වන බවයි ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකා ඉන්දියා මගී නෞකා ගමනේ සමාරම්භයට ඉන්දීය බලධාරීන් ඇතුළු මාධ්‍ය වැඩි ඉඩක් ලබා දී තිබූ ආකාරය දක්නට ලැබුණා.

file
file
file
file
file
file
file
file
READ:   ප්‍රංශයේ පිපිරීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්