Monday, April 27, 2026
Homeදේශීයකව්රු විශ්වාස නොකළත් අපිට දිනන්න පුළුවන්! මුරලි

කව්රු විශ්වාස නොකළත් අපිට දිනන්න පුළුවන්! මුරලි

එකට එකතුවී සමගියෙන් ක්‍රීඩා කළොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ගත හැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා.

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ගැන අදහස් දක්වමින් මුරලි මේ බව පැවසුවා.

බොහෝ දෙනෙක් විශ්වාස නොකළ ද ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානය ජයග්‍රහණය කළ හැකි බව ඔහු පවසනවා.

96 ලෝක කුසලානයට ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන විටත් ශ්‍රී ලංකාව කුසලානය ජයගනී යැයි එදා ද බොහෝ දෙනෙක් විශ්වාස නොකළ බව මුරලි පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවට වඩාත් පහසු තනතීරූ කිහිපයක් ඉන්දියාවේ දී හමුවිය හැකි බව මුරලි පවසනවා.

ඒ වගේම මෙවර ලෝක කුසලානයේදී තමන්ගේ රටේ ක්‍රීඩා කිරීම, ප්‍රේක්ෂකයින්ගේ දිරි ගැන්වීම වැනි හේතු නිසා ඉන්දියාවට හොඳ අවස්ථාවක් තිබෙන බව මුරලි පවසනවා.

මෙවර ලෝක කුසලාන තරගාවලිය කල්තියා අනාවැකි පළ කළ නොහැකි තරගාවලික් බවයි මුරලි පෙන්වා දෙන්නේ.

READ:   රත්මලානේ වෙඩි තැබීමක්: පුද්ගලයෙකු මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්