Sunday, April 26, 2026
Homeක්‍රීඩාපාකිස්තානයට විශිෂ්ට ජයක්

පාකිස්තානයට විශිෂ්ට ජයක්

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තවත් තරගයක් ඊයේ (06) පාකිස්තානය හා නෙදර්ලන්තය අතර පැවත්වුණා.

එම තරගය ලකුණු 81 කින් ජය ගැනීමට පාකිස්තානය සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 49ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 286ක් රැස් කළා.

Saud Shakeel සහ Muhammad Rizwan ලකුණු 68 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේදී පාකිස්තානයේ කඩුලු 4ක් බිඳ දැමීමට Bas De Leede සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තය පන්දුවාර 41 තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 205ක් පමණයි.

නෙදර්ලන්තය වෙනුවෙන් Bas De Leede ලකුණු 67 (68) රැස් කළා.

Vikramjit Singh ලකුණු 52යි.

පන්දු යැවීමේදී පාකිස්තානයේ Haris Rauf කඩුලු 03 ක් සහ Hassan Ali කඩුලු 02ක් දවා ගත්තා.

READ:   මැතිව්ස් සමග දුෂ්මන්ත චමීර සංචිතයට 
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්