පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් නොකිරීම ජනතාවගේ ද බලාපොරොත්තුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්මුඛ සාකච්ඡාවේ දී කළ කතාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
*ජනාධිපතිගේ කතාව කොහොමද?
“හොඳයි කතාව ඉතිං”
*එතුමා කියනවා ජාත්‍යන්තර පරික්ෂණයක් අවශ්‍ය නෑ කියලා ?
” ඔව් ඒක තමයි ජනතාවත් බලාපොරොත්තු වෙන්නේ”
*ඔබතුමත් ඉස්සර සැරට කතා කළා ජාත්‍යන්තර මාධ්‍යට දැන් රනිල් මහත්තයත් ඒ ගානට හිගින් තියෙනවා.
“ඒක හොඳයි,එහෙම එපැයි කරන්ඩ”
*චැනල් ෆෝ ගැන ඔබතුමාගේ මතක කොහොමද?
“චැනල් ෆෝ වලට ඕන විදිහට අපට නටන්න බෑනේ “


